වැඩබලන පොලිස්පතිවරයෙක් එයි..

වැඩබලන පොලිස්පතිවරයාව අද (27) පත්කරන බවට වාර්තා වෙන බව ජාතික ජනබලවේගයේ විධායක සභික නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා.

ඒ අනුව උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා එම ධුරයට පත් කෙරෙන බවයි වාර්තා වන්නේ.

ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 36කට වැඩි සේවා කාලයක් හිමි නිලධාරියෙකි.

ඒ අනුව ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස් කොස්තාපල් තනතුරේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා විවිධ තනතුරුවල සේවය කර ඇති නිලධාරියකු බව ද සඳහන්.

Latest News

error: Content is protected !!