මැති ඇමති බංගලා වහාම භාර දෙන්න..රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දෙයි

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියළුම රජයේ නිවාස හා බංගලා වහාම නැවත භාර දෙන ලෙස රාජ පරිපාලන අමාත්‍යාංශය හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ඊයේ (26) ලිඛිතව දැනුම් දී තිබෙනවා. 

එම අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළේ හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පහළොවකට ආසන්න පිරිසක් රජයේ නිවාස සහ බංගලා භාර දීම සඳහා දැනටමත් විමසීම් කර ඇති බවයි.

හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ ආයතන කිහිපයකට රජය ලබා දී තිබූ කොළඹ රජයේ බංගලා ප්‍රමාණය 50 ක් බවයි සඳහන් වන්නේ.

මේ අතර මාදිවෙල මන්ත්‍රී නිල නිවාස මහ මැතිවරණය පවත්වන දිනය තෙක් පාවිච්චි කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් හිටපු මන්ත්‍රීවරුන්ට අවසර දී තිබෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය හෝ ඊට පසු දින එම නිවාස යළි භාර දිය යුතු බව පාර්ලිමේන්තු ප්‍රධානීහු සියලුම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඊයේ (26) දැනුම් දී ඇති බව සඳහන්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබූ සියලු ආකාරයේ දීමනා මුද්‍රණ ගාස්තුව ඇතුළු සියලු පහසුකම් ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග සමඟ අහෝසි වී ගොස් තිබෙනවා.

Latest News

More like this

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...

ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් තොර අර්බුදයකට.. ජනපති Newsweek සඟරාවට අනාවරණය කරයි

ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන...