හිටපු ඇමති බන්දුලගේ නඩුව: මඟ නැගුමෙන් ඉදිකිරීම් සමාගමකට කෝටි 15 ක් වැඩිපුර ගෙවීම නවතයි

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක ‘මග නැගුම’ ආයතනය මඟින් නීතියට පටහැණිව යමින් 2k නමැති ඉදිකිරීම් සමාගමට රුපියල් මිලියන 150ක (කෝටි 15) මුදලක් ගෙවීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අදාළ මුදල් ගෙවීම අනුමත නොකිරීම මත පදනම් වෙමින් මග නැගුම අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට මීට පෙර පැවති රජය ගත් තීරණයකට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉකුත්දා (24) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය සිදු කෙරුණා.

මෙම ඉදිකිරීම් සමාගමට ගෙවීමට ඇති මුදල් ගෙවා අවසන් කර තිබියදී තවත් රුපියල් මිලියන 150ක් මෙසේ ගෙවන ලෙස හිටපු බලධාරීන් බලපෑම් එල්ල කර ඇති අතර මේ සම්බන්ධයෙන් මග නැගුම අධ්‍යක්ෂ මණ්ඩලය මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය දැනුම්වත් කර කරුණු ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය මේ මුදල නො‍ගෙවීමටයි තීරණය කර තිබුණේ.

මේ සිදුවීම මත මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඉවත් කර පසුව වැඩබලන සභාපති ධුරයට පත් වූ එවකට අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මග නැගුම අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැර හැර තිබුණා.

මුදල් ගෙවීමට විරුද්ධ වීම පදනම් කර ගනිමින් අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට විරුද්ධව මග නැගුම විධායක අධ්‍යක්ෂ මහේෂ් වික්‍රම මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබූ අතර එම පෙත්සම යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර, ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ ඉකුත්දා (24) කැඳවනු ලැබුවා.

ඒ අනුව මීළඟ නඩු දිනය දක්වා එකී ගෙවීම් අත්හිටුවන ලෙස සහ පෙර පැවැති තත්ත්වය වෙනස් නොකර අදාළ තනතුරු ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට කටයුතු කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකාර පාර්ශ්වයන්ට නියෝග කර තිබෙනවා.

ලබන වසරේ පෙබරවාරි මස 11 වැනිදා පෙත්සම නැවත කැඳවීමට තීරණය ද කෙරුණා. ‘මග නැගුම’ ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයකු වන මහේෂ් වික්‍රම මහතා විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණා.

මෙහි වගඋත්තරකරුවන් වන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය, හිටපු මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන, එම අමාත්‍යාංශ ලේකම්, නීතිපතිවරයා ඇතුළු අයයි.

පෙත්සම්කරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ මහතා පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා ‘මග නැගුම’ ආයතනය වෙනුවෙන් පෙනී සිටියා.

Latest News

More like this

NVQ3 මට්ටමේ ස්මාර්ට් වෙල්ඩර් පුහුණු පාඨමාලාවක්

වයස අවුරුදු 18 සම්පූර්ණවු සියලු තරුණ තරුණියන්ට අයදුම් කිරීමට...

එජාපය සහ සජබ එකතු වී වැඩ කළ යුතුයි – මහේෂ් සේනානායක (වීඩියෝ)

එජාපය සහ සජබ එකතු වී වැඩ කළ යුතුයි යන්න...

මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා විනිශ්චයන් දැඩි විවේචනයට !

පසුගියදා පැවැති මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2025 තරඟාවලියේදී ලබා...

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...
error: Content is protected !!