සජබ හා යුඇන්පී සන්ධානයකට සාකච්ඡා…අගමැතිකම සජිත්ට..

එළැඹෙන මහ මැතිවරණයේ දී සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක් කර ප්‍රබල සන්ධානයක් ගොඩ නැගීම සඳහා මේ වන විට සාකච්ඡා සිදු වෙමින් පවතින බව හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

එම සාකච්ඡාවල අවසාන තීරණය ඉදිරි දින කිහිපය තුළ ලැබෙනු ඇතැයි ඔහු පැවසුවා.

සන්ධාන ගත වීම සඳහා යම් කොන්දේසි පැවතිය ද පසුගිය ජනාධිපතිවරණයේ දෙවැනියට වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් සජිත් ප්‍රේමදාස මහතාට අගමැති ධුරය හිමිවීමේ ගැටලුවක් සිය පාර්ශවයට නොමැති බව හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

“විපක්ෂය සියලු දෙනාටම එකතු වෙන්න බැරි නම් අනුරටම දීලා දාන එක හොඳයි.රැළි කියන දේවල් තියෙනවා.රැළි කියන දේවල් යනවා.රැළි අපි 69ලක්ෂයක් ඡන්ද ගත්ත වෙලාවෙත් දැක්කා.හොඳ විපක්ෂක් රටේ ඉන්නත් ඕන.ඒකට විපක්ෂයේ සියලු බලවේග එකතු වෙන්න ඕන.ජනතාව තීරණයක් දීලා තියෙනවා.ඒ තීරණයට හිස නවනව වගේම ශක්තිමත් විපක්ෂයකුත් තියෙන්න ඕන.ඒ කණ්ඩායම එකතු වෙන එක තමයි මේ වෙලාවේ වෙන්න ඕන.”

Latest News

More like this

බංගලාදේශ හිටපු අගමැතිනිය එල්ලුම් ගහට

බංග්ලාදේශයේ බලයෙන් පහ කරන ලද හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට...

දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ...

මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට පේරාදෙණිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අතවර !

මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර...

තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම...