හිටපු මැති ඇමති ප්‍රභූ ආරක්ෂාව ඉවතට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා ලබාදී තිබූ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමට පොලීසිය පියවරගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ මින්පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන්, හිටපු ආණ්ඩුකාරවරුන් පළාත් සභා නියෝජනය කළ හිටපු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් වෙත ලබාදී තිබූ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්ද ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි.

කෙසේ වෙතත් හිටපු කතානායක, හිටපු නියෝජ්‍ය කතානායක සහ හිටපු විපක්ෂනායක ට ලබාදී ඇති ආරක්ෂාව වෙනස් කර නොමැති බව සඳහන්.

එසේම වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත අනූව සහ අධිකරණ නියෝග මත ආරක්ෂාව ලබාදී ඇති හිටපු මන්ත්‍රීවරුන්ගේ, පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සහ හිටපු ආණ්ඩුකාරවරුන්ගේ ආරක්ෂාව නොවෙනස්ව පවතින බවද අදාළ නිවේදනයෙහි දැක්වෙනවා.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...