රජයේ වාහන 4000ක් අතුරුදන්..

සෞඛ්‍ය,අධ්‍යාපන,තැපැල් හා වාරිමාර්ග හා ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේ දී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ජාතික විගණන කාර්යාලය සියලුම රජයේ ආයතන ආවරණය පරිදි විශේෂ විගණනයක් ආරම්භය කර තිබෙනවා.

 රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇති පරිදි මෙම විගණනයෙන් පසු අතුරුදන් හෝ අස්ථානගත වූ රජයේ වාහන සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළඹ ගාලු මුවදොර පිටියේ දමාගොස් තිබූ සුඛෝපභෝගී වාහන 110 සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම සඳහා විශේෂ විගණන කණ්ඩායමක් එහි පිටත් කර යැවූ බව විගණකාධිපතිවරයා පවසනවා.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සමඟ එක්ව එම විමර්ශනය පවත්වාගෙන යන අතර එම වාහන සත්‍ය වශයෙන්ම භාවිත කළේ කවුදැයි සෙවීමට අදාළ විමර්ශනයන් ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන 1749ක් අතුරුදන්ව හෝ අස්ථානගත වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.ඊට මෝටර් රථ 679 ක් හා යතුරු පැදි 1115 ක් ඇතුළත්.

මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් වාහන 212 ක් හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වාහන 880 ක් ද තැපැල් දෙපාර්තමේන්තුවට අයත් වාහන 45 ක් අතුරුදන්ව ඇතැයි වාර්තා වෙනවා.

ඇතැම් රජයේ වාහනවලට අදාළ ලියකියවිලි පවා අස්ථානගතව ඇති හෙයින් එම වාහන පිළිබඳ තොරතුරු සොයා ගැනීම ලොකු අභියෝගයක් වී ඇති බවයි විගණන නිලධාරීන් පෙන්වා දෙන්නේ.

මේ අතර රට විරුවන්ට වාහන පර්මිට් 1077 ක් ලබා දීමේදී ද අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව අනාවරණය වී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසනවා.

ඒ සම්බන්ධයෙන් ද සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට භාට දුන් බව ද විගණකාධිපතිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.

Latest News

More like this

සබීතාගේ බිල්ඩිම යළි කරලියට ! – රනිල් යලි අත්අඩංගුවට ගැනීමේ සුදානමක් !

ජනප්‍රිය රංගන ශිල්පිනියක වන සබීතා පෙරේරාට අයත් රාජගිරියේ පිහිටි...

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග සොයන්න ආරක්ෂක අංශ නිවසට යයි !

හිටපු අමාත්‍යවරයකු වූ ප්‍රසන්න රණතුංග සෙවීම සඳහා අල්ලස් හෝ...

ලතා වල්පොළගේ 91 වැනි උපන්දිනය සැමරීමට සජිත් එක්වෙයි

ප්‍රවීණ ගායන ශිල්පිනි ලතා වල්පොළ මහත්මියගේ 91 වැනි ජන්ම...

ඉස්ලාමාබාද් අගනුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුව ඇත...
error: Content is protected !!