ව්‍යවස්ථාදායක සභාවෙන් නිමල් සිරිපාල ද සිල්වා ඉවතට…විජිත හේරත් ඇතුළට…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වයෙන් හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. 

ඒ බව කතානායක මහින්ද යාපා අබේවර්ධනට ලිඛිතව දැනුම් දීමට ද පියවර ගැනුණා.

ඉවත් කරන ලද නිමල් සිරිපාල ද සිල්වා වෙනුවට ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා සභාවේ නියෝජිතයා ලෙස පත්කර ඇත්තේ අමාත්‍ය විජිත හේරත් මහතාය.

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය ද ඊළඟ පාර්ලිමේන්තුව රැස්වන තෙක් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථා සභාව ක්‍රියාත්මක විය යුතුය.

පවත්නා තත්ත්වය අනුව මේ වනවිට ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස තවදුරටත් කතානායක මහින්ද යාපා අබේවර්ධන කටයුතු කරනු ලබනවා.

එහි සෙසු සාමාජිකයන් වන්නේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අමාත්‍ය විජිත හේරත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු මන්ත්‍රී කබීර් හෂීම්, හිටපු මන්ත්‍රී සාගර කාරියවසම් හා සිවිල් සංවිධාන නියෝජිතයන් වනආචාර්ය ප්‍රතාප් රාමනුජම්, වෛද්‍ය අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න යන පිරිසයි.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...