නව ජනපති සමඟ IMF සාකච්ඡා ඇරඹේ…නියෝජිතයන් කඩිනමින් ලංකාවට

ශ්‍රී ලංකාවේ නව දේශපාලන නායකත්වය සමග සාකච්ඡා ආරම්භ කිරීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයන් ලබන ඔක්තෝබර් 2 වන අඟහරුවාදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන ප්‍රධානී ජුලී කොසැක් පවසන පරිදි, ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ අරමුදලේ තුන්වන සමාලෝචනය, අලුතින් තේරී පත් වූ රජය සමඟ සම්බන්ධ වීමට නියමිත කාලසටහන සමඟ ඔක්තෝබර් මැද භාගයේදී සැලසුම් කර තිබෙනවා.

සිය පළමු රූපවාහිනී දේශනයේදී, ජනාධිපති අනුර කුමාර දිසානායක, IMF සමග සාකච්ඡා කඩිනමින් නැවත ආරම්භ කිරීමට තම කැපවීම අවධාරනය කලේ, රටේ බරපතලම ආර්ථික අර්බුදයකින් රට සම්පූර්ණයෙන් ගොඩගැනීම සඳහා මෙම සාකච්ඡා වල වැදගත්කම අවධාරනය කරමිනි.

IMF හි පැමිණීමට නියමිත නියෝජිත කණ්ඩායම ඔක්තෝම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවේ ප්‍රගතිය තක්සේරු කරනු ඇති අතර ඔවුන් නොවැම්බර් මාසයේදී අපේක්ෂා කරන මීළඟ මූල්‍ය වාරිකය ලබා දීම පිළිබඳ සලකා බැලීමට නියමිතය.

Latest News

More like this

ආරුගම්බේ උඩුකය නිරුවතින් ඇවිද්ද තායි කතට ලැබුණු දඬුවම

අම්පාර ආරුගම්බේ සංචාරක කලාපයේ උඩුකය නිරුවතින් ගමන් ගත් විදේශීය...

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...
error: Content is protected !!