පාලන මිලට සහල් අලෙවි කිරීම: සහල් මෝල් හිමියන් දෙකට බෙදේ

සහල් මෝල් හිමියන් පාලන මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් බෙදී වෙන්වී ඇති බවක් පෙනෙන්නට ඇති අතර එක් පාර්ශවයක් පාලන මිලට සැපයීමට එකඟ වන අතර තවත් පාර්ශව ගණනාවක් එයින් විශාල පාඩුවක් විඳින්නට සිදුවන බව පවසමින් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

නාඩු වී කිලෝවක් රුපියල් 122 ට මිලදී ගෙන සහල් කිලෝවක් රුපියල් 220 ට අලෙවි කිරීමට නොහැකි බව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහල් නිෂ්පාදකයින් සහ සමස්ත ලංකා සහල් මෝල් හිමියන් සෙනසුරාදා (28) ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමිකරුවෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා කියා සිටියා.

එසේ වුවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අඛණ්ඩ වැඩපිළිවෙලට සහය දැක්වීම සඳහා පාලන මිලට සහල් ලබාදීමට සංගමය තීරණය කළ බවයි ඔහු කියා සිටියේ.

වෙළඳපොලේ පවතින නාඩු සහල් හිඟයට හේතු වී ඇත්තේ නාඩු වී නිෂ්පාදනයේ දුර්වලතාවය බව ඔහු පෙන්වා දුන්නා.

ගොවීන් නාඩු වී වගාව අඩු කර ඇති බවත්, වී වගා කරන්නන්ගෙන් සියයට 80කට වැඩි ප්‍රමාණයක් කිරි සම්බා වගාවට යොමු වී ඇති බව ප්‍රකාශ කළ ඔහු වී වගාවේ මෙම අසමතුලිතතාවය වළක්වා ගැනීමේ අවශ්‍යතාවය මෙහි දී අනාවරනය කළා.

මේ අතර, මහා පරිමාණ සහල් නිෂ්පාදක ඩඩ්ලි සිරිසේනගේ ප්‍රකාශයට එකඟ නොවන බවත් පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි බව මරඳගහමුල සමස්ත ලංකා මධ්‍ය හා කුඩා පරිමාණ සහල් වෙළෙඳුන්ගේ සංගමය ඊයේ (28) මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.

ඩඩ්ලි සිරිසේන මහතාගේ ප්‍රකාශය අනුව කටයුතු කළහොත් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සහ සහල් ව්‍යාපාරිකයන් දැඩි අසීරුතාවයකට පත්වන බව මරඳගහමුල සහල් ව්‍යාපාරික සංගමයේ සභාපති බී.කේ.රංජිත් මහතා එහිදී සඳහන් කළා.

දැනට වී මිල රුපියල් 130 ත් 132 ත් අතර පවතින බවත්, අධික පාඩු ලබමින් පාලන මිලට සහල් අලෙවි කිරීමට නොහැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ගොවීන් අධික පොලියට පුද්ගලික ණය දෙන්නන්ගෙන් ණය ලබාගෙන ඇති බවත්, එම ණය පියවීමට මාර්ගයක් නොමැතිව ගොවීන් අසරණ වන බවයි. 

සහල් මිල ස්ථීර ලෙස පහත හෙළීම සඳහා ඵලදායී යාන්ත්‍රණයක් සකස් කරන ලෙස සමස්ත ලංකා මධ්‍ය හා කුඩා පරිමාණ සහල් වෙළෙඳුන්ගේ සංගමයේ සභාපතිවරයා රජයෙන් ඉල්ලා සිටියා.

Latest News

More like this

“BATMAN” කොටු කළ ශ්‍රී ලංකා පොලිසියේ ධීරවීර ක්‍රියාන්විතය

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ (WTC) කාර්යාල පසු ගිය දා...

මහින්දව බලා ගැනීම දරුවන් තිදෙනාගේ වැඩක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමාගෙන් ඉල්ලීම් කරන තෙක්...

සජිත් රනිල් එකතු කිරීම යළිත් කරළියට

පවතින දේශපාලන වාතාවරණය හමුවේ නව ගමනක් ආරම්භ කිරීම සඳහා...

විජය කුමාරතුංග රෝහලේ සේවා පුළුල් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වේ

දිවංගත විජය කුමාරතුංග කලාකරුවා සිහිපත් කරමින් ඉදි කරනු ලැබූ...
error: Content is protected !!