ජෝන්ස්ටන්ගෙන් ලැබුණු වාහන ගැන සමිතා හඬ අවදි කරයි..

හිටපු ඇමතිවරයකු වන ජොන්සටන් ප්‍රනාන්දු මහතා ලබා දුන් රජයට අයත් මෝටර් රථ තුනක් පරිහරණය කළ බවට මෙරට ප්‍රවීණ ගායිකාවක වන සමිතා මුදුන්කොටුව මහත්මිය වෙත මේ වනවිට ප්‍රබල චෝදනාවක් එල්ල වෙමින් පවතී.

ඇය සහ ඇගේ දියණිය කවින්ද්‍යා අධිකාරී සහ පුතා වන ෂේන් අධිකාරි වෙත මෙම වාහන ලබා දී ඇති බවටයි චෝදනා එල්ල වුණේ.

කෙසේ වෙතත් සමිතා මුදුන්කොටුව මහත්මිය එම චෝදනාවලට පිළිතුරු ලබා නොතිබුණු අතර යූ ට්යුබ්කරුවෙකු වන සුදත්ත තිලකසිරි මහතා ඔහුගේ වැඩසටහනක් අතරතුර ඇයව සම්බන්ධ කර ගැනීමට සමත් වුණා.

ඒ වනවිටත් සමිතාට දුරකථන ඇමතුම් ගණනාවක් ලබා ගත්ත ද ඇය ඒවා විසන්ධි කර දැමූ බවත් පසුව ඔහුගේ දුරකථන අංකය අවහිර කර තිබුණු බව ඔහු මෙම වැඩසටහන අතරතුර ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඔහු වෙනත් දුරකථන අංකයකින් සමිතාව වැඩසටහන වෙත සම්බන්ධ කර ගැනීමට සමත් වුණා.

එහිදී වාහන තුනක් අවභාවිත කිරීම පිළිබඳ එල්ලවන චෝදනා පිළිබඳ ඇගෙන් කළ විමසීමට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ ඇයට එලෙස වාහන ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති අතර ඇය කුඩා කාලයේ සිට පොහොසත් තැනැත්තියක වූ බවයි.

එමෙන්ම තමාට අදාළ නැති චෝදනාවකට පිළිතුරු ලබා දීමේ අවශ්‍යතාවක් ද ද නොමැති බව ඇය කියා සිටියා.

Latest News

More like this

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...

මනුවර්ණට තනතුරක්..

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස...

ජූලි චෑන්ගෙන් පසු ශ්‍රී ලංකාවට එන නව ඇමරිකානු තානාපතිවරයා..

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මීළඟ අමෙරිකා එක්සත් ජනපදයේ...
error: Content is protected !!