මැති ඇමති පිස්තෝල වහා භාර දෙනු..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය (පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යංශයට වහාම භාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අවිය ලබාගෙන ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දන්වා තිබෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයකට ආසන්න පිරිසක් එම ආරක්ෂක ගිනි අවිය ලබා ගෙන තිබුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී ඇති සියලුම පහසුකම් පාර්ලිමේන්තු විසුරුවා හැරීමත් සමඟ අහෝසි වී ගිය අතර මෙසේ අහිමිවන පහසුකම් අතර මන්ත්‍රී දීමනාව, මන්ත්‍රී කාර්ය මණ්ඩලයට දෙන දීමනා, ඉන්ධන පහසුකම් සහ මුද්දර ගාස්තු වැනි දීමනා ද පවතී.

කෙසේ වෙතත් මාදිවෙල මන්ත්‍රී නිල නිවස සංකීර්ණයෙන් මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති නිවාස පමණක් ඡන්දය පැවැත්වෙන දින පාවිච්චි කිරීමට ඔවුන්ට ඉඩ සලසා දී තිබෙනවා.

මහ මැතිවරණයෙන් යළි තේරී පත් නොවන මන්ත්‍රීවරුන් සියලු දෙනා ඡන්ද විමසීමෙන් පසුදිනම එම නිල් නිවාස යළි භාරදිය යුතු බවයි දන්වා ඇත්තේ.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...