සුපිරි වාහනවල ගිය රනිල්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නම් හෙළි වේ..

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල්කර ඇති වාහන සම්බන්ධයෙන් පළවන මත පිළිබඳ ජනාධිපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ, නව ජනාධිපතිවරයා පත්වීමත් සමග පසුගිය දින කිහිපය තුළ සිදුකළ දැනුම්දීම පරිදී ජනාධිපති කාර්යාලය වෙත භාරදුන් රථ වාහන 107ක් මේ වන විට ජනාධිපති කාර්යාලයෙන් පිටත පොලිස් ආරක්ෂාව යටතේ තාවකාලිකව ගාල්කර ඇති බවය.

එසේම මෙම රථ වාහන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ ගාල්කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය තුළ මෙතරම් වාහන ප්‍රමාණයක් ගාල් කිරීමට ඉඩනොමැති නිසා බව එම නිවේදනයේ දැක්වෙනවා.

නමුත් එය කිසිසේත් ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් තබා නැති බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා.

එම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබු රථ වාහන නොවන අතර හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලය තුළදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය යටතේ පත් කරන ලද සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබු රථ වාහන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එම රථ වාහන භාවිත කළ අයගේ සම්පූර්ණ ලැයිස්තුව පහතින් දැක්වෙයි.

Latest News

More like this

අනවසර ඉදිකිරීම් සඳහා කිසිම ඉඩක් නැහැ.. නීති දැඩි කිරීමට ජනපතිගෙන් උපදෙස්

අනවසර ඉදිකිරීම් සඳහා අනාගතයේදී කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්,...

කුණාටුව එන බව දැනගෙන සැඟවූ විපක්ෂයටත් නඩු..

නොවැම්බර් මස 12 වැනි දින කාලගුණ අංශ විසින් රජයට...

නාය යෑමේ අවදානමක් ඇති ඉඩම් රජයට පවරා ගනී

නාය යෑම්වලට ලක් වූ ප්‍රදේශ තවදුරටත් අවදානම් බවට තහවුරු...

සුළිකුණාටුවෙන් දරුවන් රැසකට දෙමව්පියන් අහිමිවෙලා

දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ නායයෑම් සහ ගංවතුර...