මහජන මුදල් සතයක් වියදම් කරලා නැහැ..

මහජන බදු මුදල්වලින් සතයක් හෝ තමාගේ පෞද්ගලික වියදම සඳහා භාවිත කර නොමැති බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසනවා.

සිය පරිහරණයට ලබා දී ඇති වාහන අතරින් වාහන 7ක් මේ වන විටත් රජයට භාර දී ඇති අතර දැනට භාවිත කරන්නේ වාහන 4ක් පමණක් බව හිටපු ජනපතිනිය කියා සිටියා.

ඇය මේ බව සඳහන් කළේ හිටපු ජනාධිපතිවරුන් මහජන බදු මුදලින් යැපෙන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

සියලුම දේශපාලනඥයින් අතර වාහන බලපත්‍ර ප්‍රතික්ෂේප කළ දේශපාලනඥයින් දෙදෙනා අතර තමා ද එක් අයෙකු බවත් අනිත් දේශපාලනඥයා හෙක්ටර් කොබ්බෑකඩුව මහතා බව ඇය පැවසුවා.

“ජීප් එකකුයි කාර් එකකුයි සිකියුරිටිවලට දෙකක් තියෙනවා.අපි කාගෙන්වත් කාලා නෑ.අපේ තියෙන ඒවා  අනිත් අයට දුන්නා මිසක්.අපේ ඉඩම් අක්කර 3000ක් දීලා මං ජනාධිපති ධුරයෙන් ගෙදර යනකොට මගේ බැංකු එකවුන්ට් එක ඕවර් ඩ්‍රාප්.කෑම බීම ගෙනාවෙත් ගෙදර වැඩ කරන අයටත් මගේ සල්ලිවලින් ආණ්ඩුවෙන් නෙවෙයි.

ඉඩම් විකුණ විකුණ තමයි දැන් ජීවත් වෙන්නේ.ආන්ඩුවෙන් මට කිසි දෙයක් හම්බ වෙන්නේ නෑ.මහින්ද රාජපක්ෂගේ අවුරුදු නවයම පෙන්ෂන් එක දුන්නෙත් නෑ.2015 දී මම ඉල්ලුවේ නෑ.ආණ්ඩුවෙන් පෙන්ෂන් එක දුන්නා රු 94000ක්.මම ඒ වෙලාවෙම ස්ටේට්මන්ට් එකක් දුන්නා මං ගන්නේ නෑ මේක,වෙනම එකවුන්ට් එකක් හදලා බෑන්ක් ඔෆ් සිලෝන් එකේ ඒක සමාජ කටයුතුවලට පාවිච්චි කරනවා කියලා.ඒවා ඔක්කොම සමාජ වැඩවලට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. සතයක්වත් මගේ පාවිච්චියට අරගෙන නෑ.මගේ සේවක මණ්ඩලේ පඩි ගෙවන්නේ මම.ලයිට් වතුර බිල් ගෙවන්නෙ මම.මට ලැබිලා තියෙන්නේ රජයේ නිවසක්.ඒකත් මහින්දගේ කාලේ සතයක් දූනේ නෑ රෙප්පෙයාර් කරන්න ආණ්ඩුවේ ගෙයක් වුණාට.මම මිලියන් ගාණක් වියදම් කරලා තියෙනවා ඉඩම් විකුණපු සල්ලිවලින්.”

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!