එජාප සහ සජබ සන්ධානයේ අගමැති අපේක්ෂක සජිත්…..

එළැඹෙන මහ මැතිවරණයේ දී සන්ධාන ගත වීමට සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා තව දුරටත් සිදු කරමින් පවතින බව හිටපු පාර්ලිමේන්තුමන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂය,ශ්‍ රී ලංකා පොදු ජන පෙරමුණේ බහුතර කණ්ඩායම මේ වන විට සිදුකරන සාකච්ඡා අනුව බහුතරයකගේ මතය වී ඇත්තේ පොදු සලකුණකින් පොදු සන්ධානයක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වීම බව ඔහු සඳහන් කරනවා.

එමෙන්ම සංකේතය පිළිබඳ එකඟතාවයකට පැමිණි විගස එම සන්ධානය ප්‍රකාශයට පත් කරන බවයි ඔහු පවසන්නේ.

ඒ අනුව අගමැති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයේ කිසිදු විරුද්ධත්වයක් නැති බව ඔහු අනාවරණය කරනු ලැබුවේ මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු ලබා දෙමිනි.

සමන් රත්නප්‍රිය මහතා පවසන ආකාරයට සමගි ජන බලවේගය සමඟ සාකච්ඡාවලදී මේ වන විට උද්ගත වී ඇත්තේ සංකේතය පිළිබඳ ගැටලු කිහිපයක් පමණයි.

සාමන්‍යයයෙන් සන්ධාන ගතවන විට තම තමන්ගේ පක්ෂවල සංකේත්වල එල්ලී සිටින්නේ නැති අතර පොදු සංකේතයක් භාවිත කිරීමට කටයුතු කරයි.

එවැනි ගැටලු පැවතියද තව දුරටත් සාකච්ඡා සිදු වෙමින් පවතින බව සමන් රතනප්‍රිය මහතා වැඩි දුරටත් කියා සිටියා.

Latest News

More like this

‘දිට්වා’ විනාශය සුනාමියට වඩා දසගුණයකින් වැඩියි

'දිට්වා’ සුළි කුණාටුවෙන් රටට සිදු වූ ආර්ථික අලාභය 2004...

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...