රෝසි Porsche, ඩයනා V8, සීතා BENZ එකේ ගිහින්.. රනිල්ට වැල් පාලමේ යන්න උදව් කරලා…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරියක ලෙස පත් කර සිටි හිටපු කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියට PORSCHE CAYENNE S  වර්ගයේ අධි සුඛෝපභෝගී මෝටර් රථයක් ලබා දී තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය අද (30) නිකුත් කර තිබූ වාර්තාවෙන් අනාවරණය වුණා.

2012 වර්ෂයේ නිෂ්පාදනය කළ මෙම වර්ගයේ මෝටර් රථ මෙරට වෙළඳපොළේ අලෙවි වන මිල දළ වශයෙන් රු ලක්ෂ 210  ඉක්මවා යයි.

2022 වර්ගයේ නිෂ්පාදනය කරන ලද මෙම වර්ගයේ මෝටර් රථයක් මෙරට වෙළඳ පොළේ රු ලක්ෂ 320කට අධිකය.

මේ වන විට ජනාධිපති කාර්යාලය අසල පරිශ්‍රයේ නවතා දමා ඇති මෝටර් රථ පෙළ පිළිබඳ නිවේදනයක් නිකුත් කළ ජනාධිපති මාධ්‍ය අංශය අද අනාවරණය කළේ එම මෝටර් රථ ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය භාවිත කළ ඒවා නොවන බවත් ඒවා ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා ලබා දී තිබූ වාහන බවයි.

හිටපු ජනාධිපතිවරයා ඒ අනුව වාහන 107ක් ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට ලබා දී තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41/1 වගන්තියෙන් ලැබී ඇති බලතල ප්‍රකාරවය.

ජනාධිපතිවරයාට සහාය දැක්වීමට ඔහුගේ මතය අනුව ලේකම්වරුන් පත් කිරීමට එම වගන්තියෙන් බලය ලැබෙන අතර අමාත්‍ය මණ්ඩලයෙන් අදහස් විමසා වෙනත් නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය පත් කිරීමට බලය හිමි වෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා වැටුප් හිමි වන්නේ ඒකබද්ධ අරමුදලෙනි.

ජනාධිපති මාධ්‍ය අංශය අද නිකුත් කර ඇති වාර්තාව අනුව හිටපු ජනාධිපතිවරයා ලේකම්වරුන් පස් දෙනෙකුට සහ කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාට සුඛෝපභෝගී වාහන ලබා දී ඇත්තේ එම පදනමෙනි.

කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාට ලබා දී ඇත්තේ TOYOTA LAND CRUSER V8 වර්ගයේ ජීප් රථයකි.

රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොළට ලබා දී තිබුණේ BENZ S300 HYBRID වර්ගයේ සුපිරි මෝටර් රථයක්.

අධිකරණ නියෝගයකින් මන්ත්‍රී ධුරය අහිමි වූ ඩයනා ගමගේට ද ජනාධිපති කාර්ය මණ්ඩලය යටතේ V8 වර්ගයේ මෝටර් රථයක් ලබා දීම විශේෂත්වයකි. 

එම රථ වාහන භාවිත කළ අයගේ සම්පූර්ණ ලැයිස්තුව මෙසේය.

Latest News

More like this

ජනපති අපනයන ක්ෂේත්‍රයේ පාර්ශවකරුන් හමුවෙයි

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් එරටට ආනයනය කරනු ලබන...

SLIIT මගඩිය ගැන මෛත්‍රී, රනිල් ඇතුළු යහපාලන කැබිනට් මණ්ඩලයටම චෝදනා

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ඇති ආයතනයක් වන SLIIT ආයතනයට...

හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි නිතී විරෝධී වැඩක් කරයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳවන...

සාරා ජීවතුන් අතර බවට ප්‍රබල සැකයක්… පිල්ලෙයාන් ප්‍රහාරය කලින්ම දැන සිටියා.. පාස්කු පරීක්ෂණ අලුත් වෙන හැටි මෙන්න

හිටපු රාජ්‍ය අමා­ත්‍ය­ව­ර­යකු මෙන්ම ටී.එම්.වී.පී. සංවි­ධා­නයේ නායක සහ නැඟෙ­න­හිර...
error: Content is protected !!