ජනපති සහ එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා.

මෙහිදී ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුභ පැතුම් පිරිනැමූ ජූලි චන්ග් මහත්මිය ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශවික සබඳතා අඛණ්ඩ වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක නිරත වුණා.

ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සමාජයේ සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමටත් දෙරට අතර අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී අවධානය යොමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. 

Latest News

More like this

බංගලාදේශ හිටපු අගමැතිනිය එල්ලුම් ගහට

බංග්ලාදේශයේ බලයෙන් පහ කරන ලද හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට...

දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ...

මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට පේරාදෙණිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අතවර !

මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර...

තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම...