ගෑස් මිලත් අඩු වෙනවා..

මෙම මාසයට අදාළව ගෑස් මිලෙහි කිසිදු වෙනසක් නොකරන බව ලිට්‍රෝ සමාගම අද (01) නිවේදනය කළා.

ඔක්තෝබර් මාසයේ දී ජ්‍යාත්‍යන්තර වෙළඳපොළේ ගෑස් මිල වැඩිවන පරිසරයක දී වුව ද ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයන්ට සහන සැලසීමේ අරමුණින් එම පියවර ගත් බවයි එම සමාගම නිවේදනය කළේ.

මේ අතර අද (01) පැවති අමාත්‍ය තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අතරතුර කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා සඳහන් කළේ ලිට්‍රෝ සමාගමේ නව සභාපති පත් කිරීමෙන් අනතුරුව ගෑස් මිල අඩු කිරීම පිළිබඳ සලකා බලන බවයි.

ඒ අනුව අද දින ලිට්‍රෝ සමාගමේ සභාපති ධුරයට චන්න ගුණවර්ධන මහතා පත් කරනු ලැබුවා.

Latest News

More like this

ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළොත් ඩෙන්මාර්කයේ පළමු පියවර හෙළි කරයි

එක්සත් ජනපදය ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළහොත් සොල්දාදුවන් පළමුව වෙඩි තබා...

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක්...