ඉන්ධන මිල අඩු කළේ පැරණි ගසා කන සූත්‍රයටමයි… තව අඩු කරන්න තිබුණා…

ඉන්ධන මිල තවදුරටත් පහළ දැමිය හැකි බවත් නව රජය ඉන්ධන මිල අඩු කර ඇත්තේ ද පැවති මිල සූත්‍රයට අනුවම බව සමගි ජන බලවේගයේ වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

ඒ අනුව එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා චෝදනා කර සිටියේ ලෝක වෙළඳ පොළේ සියලුම වර්ගයේ ඉන්ධන මිල අඩු වී ඇති මොහොතක පැවති ගසා කන සූත්‍රයටම ඉන්ධන මිල අඩුකිරීමට සිය සන්ධානය විරුද්ධ බවයි.

වැඩි දුරටත් අදහස් දැක් වූ ඒ මහතා..,

“කාංචනගේ සාක්කුවට රු 160ක් ගියා කීයලා සුනිල් හන්නෙත්ති මහත්තයම කිව්ව සූත්‍රය අනුව ඩීසල් ලීටරය රු 86 කින් අවමය අඩු කරන්න තිබුණ එක, අඩු නොකර පරණ සූත්‍රයටම අනුව රු 24 කින් අඩුකරලා. ගසා කන සූත්‍රය එලෙසම තියෙනවා.”

මේ අතර අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දෙමින් විජිත හේරත් මහතා සඳහන් කළේ ඉන්ධන මිල මෙම කාල සීමාව තුළ සැලකිය යුතු මට්ටමකින් අඩු කළේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පත්වීමෙන් අනතුරුව බවයි.

තෙල් මිල අඩු කිරීම සිදු කළේ ඛනිජ තෙල් සංස්ථාව සමඟ කළ සමාලෝචනයකට අනුවයි.

ඒ අනුව ඉන්ධන මිල අඩු කළේ මිල සූත්‍රයට අනුවම නොවන බව ඔහු මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් පැවසුවා.

තෙල් මිල විශාල වශයෙන් අඩුකරන්න කැමති වුවත් එහි ලාභ පාඩු තත්ත්වයක් අධ්‍යයනයකින් පසුව එය කළ යුතු බවයි ඔහු සඳහන් කළේ.

එකපාර එකසිය දෙසීය ගණන්වලින් අඩු කළොත් මූල්‍ය තත්ත්වයට එය බලපාන බවත් ක්‍රමයෙන් තෙල් මිල අඩු කිරීමට කටයුතු කරන බව ඒ මහතා කියා සිටියා.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!