IMF ශ්‍රී ලංකාවට පොරොන්දුවක් දෙයි..නව ආර්ථික කණ්ඩායම ගැනත් හොඳටම පැහැදෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට සහය දැක්වීමේ ස්ථිර හවුල්කරුවෙකු ලෙස පවතිනු ඇති බව ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් මහතා පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය දක්වන වැඩසටහනේ තුන්වන සමාලෝචනය සිදු කෙරෙන අතරතුර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ශ්‍රී ලංකාවේ ආර්ථික කණ්ඩායම සමඟ සමීප සබඳතාවයක් පවත්වා ගෙන යන බව ඔහු සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නියෝජිත පිරිසේ ශ්‍රී ලංකා සංචාරය අවසානයේ ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රීනිවාසන් මහතා කියා සිටියේ ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දෙන ආර්ථික හා මූල්‍ය අභියෝග පිළිබඳව ජනාධිපති දිසානායක සහ ශ්‍රී ලංකාවේ ආර්ථික කණ්ඩායම සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වූ බවයි.

“ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දෙන ආර්ථික හා මූල්‍ය අභියෝග පිළිබඳව අපි ජනාධිපති දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ආර්ථික කණ්ඩායම සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වූවා. 2022 දී ශ්‍රී ලංකාව එහි දරුණුතම ආර්ථික අර්බුදයකට පිවිසීමෙන් පසු ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රකෘතිමත් වීමේ මාවතකට ගෙන ඒමට ඉවහල් වූ දුෂ්කර ජයග්‍රහණ තවදුරටත් ආරක්ෂා කර ගැනීම සහ ගොඩ නැගීමේ වැදගත්කම පිළිබඳව අපි එකඟ වූවෙමු” ඔහු පවසා තිබෙනවා.

ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් මහතා ප්‍රමුඛ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කණ්ඩායමක් 2024 ඔක්තෝබර් 2 සිට 4 දක්වා කොළඹට පැමිණ එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනි හරිනි අමරසූරිය, අමාත්‍ය විජිත හේරත්,මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු පාර්ශවකරුවන් හමු වුණා.

Latest News

More like this

අමරවීර නිල නිවස සිරිමාවෝ බාලිකාවට පවරා යන්න යයි..

කොළඹ 7 පැජට් පාරේ පිහිටි සිය නිල නිවස කොළඹ...

ජ්‍යාත්‍යන්තර පාසලක සිසුවිය නෙළුම් කුළුනේ 29 වැනි මහලෙන් බිමට පනියි

කොළඹ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක සිසුවියක් අද (07) පස්වරුවේ...

රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ.. ආරක්‍ෂාවට 163ක බලඇණියක්..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත් කර ඇති...

හිටපු ජනපතිගේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවතට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී තිබූ ආරක්ෂාව...
error: Content is protected !!