මන්ත්‍රීවරුන්ට රු 1000 කුලියේ නිල නිවාසවලින් යන්න වෙලා…

මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ඉවත්වෙන ලෙස එහි පදිංචි වී සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ හදිසි අලුත්වැඩියාවක් කිරීමට ඇති හෙයින් ඉන් ඉවත් වෙන ලෙසයි අදාළ ලිපිය මඟින් දැනුම් දී ඇත්තේ.

මන්ත්‍රීවරුන් හය දෙනෙක් පමණ දැනට ද ඉන් ඉවත්ව ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස 120 ක් පමණ පවතී.

සෙසු නිවාසවල පදිංචි වී සිටින්නේ ආරක්ෂක නිලධාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක්.

අලුතෙන් පත්වන මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්‍ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිල නිවාස ලබාදීමට සිදුවෙන හෙයින් ඒවා කල්තියා අලුත් වැඩියා කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් ගත් තීරණයකට අනුවයි මෙම දැනුම් දීම සිදුකර ඇත්තේ.

පසුගිය කාලයේ පළවූ වාර්තාවලට අනුව එම නිල නිවාස 120න් 111ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මාසිකව රුපියල් දාහක ගාස්තුවකට නිකුත් කර ඇති බවයි පැවසුණේ. ඉතිරි නිවාස නවය මාදිවෙල නිවාස සංකීර්ණය සඳහා පහසුකම් සපයන ආයතන සඳහා වෙන්කළ ඒවා බව ද වාර්තා වුණා.

Latest News

More like this

ග්‍රෑම් 825 බැගින් වන බොරු පියයුරු ඉවත් කළ ඉන්දියානු නිළිය…

ෂර්ලින් චොප්රා කියන්නේ ඉන්දියානු නිළියක්. ඇය මේ දවස්වල බොලිවුඩ්වල...

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...