IMF ශ්‍රී ලංකාවට පොරොන්දුවක් දෙයි..නව ආර්ථික කණ්ඩායම ගැනත් හොඳටම පැහැදෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට සහය දැක්වීමේ ස්ථිර හවුල්කරුවෙකු ලෙස පවතිනු ඇති බව ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් මහතා පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය දක්වන වැඩසටහනේ තුන්වන සමාලෝචනය සිදු කෙරෙන අතරතුර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ශ්‍රී ලංකාවේ ආර්ථික කණ්ඩායම සමඟ සමීප සබඳතාවයක් පවත්වා ගෙන යන බව ඔහු සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නියෝජිත පිරිසේ ශ්‍රී ලංකා සංචාරය අවසානයේ ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රීනිවාසන් මහතා කියා සිටියේ ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දෙන ආර්ථික හා මූල්‍ය අභියෝග පිළිබඳව ජනාධිපති දිසානායක සහ ශ්‍රී ලංකාවේ ආර්ථික කණ්ඩායම සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වූ බවයි.

“ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දෙන ආර්ථික හා මූල්‍ය අභියෝග පිළිබඳව අපි ජනාධිපති දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ආර්ථික කණ්ඩායම සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වූවා. 2022 දී ශ්‍රී ලංකාව එහි දරුණුතම ආර්ථික අර්බුදයකට පිවිසීමෙන් පසු ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රකෘතිමත් වීමේ මාවතකට ගෙන ඒමට ඉවහල් වූ දුෂ්කර ජයග්‍රහණ තවදුරටත් ආරක්ෂා කර ගැනීම සහ ගොඩ නැගීමේ වැදගත්කම පිළිබඳව අපි එකඟ වූවෙමු” ඔහු පවසා තිබෙනවා.

ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් මහතා ප්‍රමුඛ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කණ්ඩායමක් 2024 ඔක්තෝබර් 2 සිට 4 දක්වා කොළඹට පැමිණ එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනි හරිනි අමරසූරිය, අමාත්‍ය විජිත හේරත්,මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු පාර්ශවකරුවන් හමු වුණා.

Latest News

More like this

ආරුගම්බේ උඩුකය නිරුවතින් ඇවිද්ද තායි කතට ලැබුණු දඬුවම

අම්පාර ආරුගම්බේ සංචාරක කලාපයේ උඩුකය නිරුවතින් ගමන් ගත් විදේශීය...

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...
error: Content is protected !!