ලේකම්ලා අවුල් පක්ෂ පහක් තහනම්…..

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

 එහි සභාපති ආනන්ද රත්නායක මහතා පවසන්නේ ඇතැම් දේශපාලන පක්ෂවල ලේකම්වරු දෙතුන් දෙනා සිටින බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු එම නියෝජිතයන් කැඳවා පසුගිය දා සාකච්ඡා කළ නමුත් ගැටලු නිරාකරණය කර ගැනීමට මෙතෙක් ඔවුන්ට හැකිවී නැතිවීම හේතුවෙන් කොමිසම මෙම තීරණය ගත් බවයි.

අධිකරණය හරහා හෝ ගැටලුව නිරාකරණය කරගෙන පැමිණෙන ලෙස එම පක්ෂ පහේ නියොජිතයන්ට අනතුරුව දැනුම් දුන් බව ඔහු සඳහන් කළා.

මෙම පක්ෂ පහ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට පසුගිය කාලයේ පැමිණිලි ගණනාවක් ලැබී තිබුණා.

මේ අතර දේශපාලන පක්ෂ පහළොවක පමණ ලකුණු මාරු කිරීම් සහ නම් මාරු කිරීම් සම්බන්ධ ගැටලු පසුගිය දිනවල එම පක්ෂ නියෝජිතයන් කැඳවා විසඳූ බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...