අපේක්ෂකයින් අතර මනාප ගැටුම වැළැක්වීමට මාළිමාවෙන් යාන්ත්‍රණයක්..

එළැඹෙන මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය දිස්ත්‍රික් මට්ටමින් නාමයෝජනා ලැයිස්තු සකස් කරමින් සිටින අතර අපේක්ෂකයින් අතර මනාප තරඟය වළක්වා ගැනීමේ යාන්ත්‍රණයක් සකස් කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ ඊයේ (04) ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය කිසිදු ආකාරයකින් මැදිහත් නොවන බවත්, මනාපයෙන් ජනතාව විසින් තෝරා පත් කර ගන්නා සියලුම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණීමට වග බලා ගන්නා බව ඔහු මාධ්‍ය කළ විමසීමක දී කියා සිටියා.

“NPP තරඟකරුවන් අතර මනාප තරඟකාරීත්වය වළක්වා ගැනීම සඳහා අපි යාන්ත්‍රණයක් සකස් කරමින් සිටිනවා. අපි මැතිවරණයට තරග කරන සියලුම NPP අපේක්ෂකයන් හමුවී ඒ පිළිබඳව දැනුම් දෙනවා” ඔහු සඳහන් කළා.

අනෙකුත් පක්ෂවල මෙන් නොව ජාතික ජන බලවේගය නාමයෝජනා ලැයිස්තු දිස්ත්‍රික් මට්ටමින් සකස් කරමින් පවතින බවත් අවසන් කළ ලැයිස්තු කොළඹ ප්‍රධාන කාර්යාලයේදී සමාලෝචනය කරන බවයි අබේසිංහ මහතා සඳහන් කළේ.

සිය නාමයෝජනා ලැයිස්තුවට සහ ජාතික ලැයිස්තුවට වැඩි කාන්තා අපේක්ෂිකාවන් ඇතුළත් කරන අතර එම ලැයිස්තු දෙකටම තවත් වෘත්තිකයන් ද ඇතුළත් වනු ඇතැයි ඔහු කියා සිටියා.

මහ මැතිවරණය සඳහා නව පක්ෂ හෝ කණ්ඩායම් සමඟ සන්ධානගත වන්නේ දැයි විමසූ විට ඔහු කියා සිටියේ දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම් ජාතික ජන බලවේගය තුළට නොගන්නා බවත් NPP යටතේ තරඟ කිරීමට ඉල්ලීම් රාශියක් ලැබී ඇති අතර  දිස්ත්‍රික් මට්ටමින් නාමයෝජනා මණ්ඩල විමසීමට ඒ අයට උපදෙස් ලබා දී ඇති බවයි.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!