කොළඹින් හිරුණිකා පරාජය කිරීමට සජබය ඇතුළේ ගේමක්

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙත පක්ෂ අභ්‍යන්තරයේ පැවති කැපිලි මේ වන විට පුපුරා යන මට්ටමට පත්ව ඇති අතර මෙවර මහ මැතිවරණයෙන් ඇය පරාජයට පත් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයට සමගි ජන බලවේගයෙන් අප්සරා තිලකරත්න ඉදිරිපත් කිරීමට නියමිතය. අප්සරා තිලකරත්න හිටපු ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරතගේ බිරිඳයි.

හෂාන්-අප්සරා යුවළ 2024 ජනාධිපතිවරණය සඳහා සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත සහයෝගය ලබාදුන්නා.

මෙම තත්ත්වය පක්ෂය වෙනුවෙන් දර දිය අදින ලද ප්‍රබල  ක්‍රියාකාරිනියක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙත එල්ල කළ විශාල පහරක් ලෙසයි තතු දත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස හිරුණිකා වෙත මුල සිටම සතුරු ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර ඇය පරාජය කිරීම සඳහා ද ඇය ප්‍රමුඛතාවය ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

Latest News

More like this

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...