ජනපතිගේ ප්‍රථම නිල විදෙස් සංචාරය නව දිල්ලියට..

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර සිදුකරන ලද ආරාධනය පිළිගැනීමෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ සාකච්ඡා කිරීම සඳහා සිය ප්‍රථම නිල විදේශ සංචාරය නවදිල්ලියට යාමට නියමිතය.

සැප්තැම්බර් 21 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් අනුර දිසානායක මහතා ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඔහු හමුවීමට පැමිණි පළමු ඉහළ පෙළේ විදේශීය ප්‍රභූවරයා වන්නේ ජයිශංකර්ය.

පසුගිය ජනාධිපතිවරුන්ගේ සම්ප්‍රදාය අනුගමනය කරමින් ජනපති අනුර කුමාර දිසානායක මහතා ද ඒ අනුව සිය ප්‍රථම විදෙස් සංචාරය සඳහා නවදිල්ලියට යනු ඇති බවයි වාර්තා වන්නේ. 

දින නියම කර නැතත් ජනාධිපතිවරයාගේ පළමු විදෙස් සංචාරය නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වීමෙන් පසුව සිදු කිරීමට නියමිතය.

Latest News

error: Content is protected !!