ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ 2000 ක් මිහිදන්.. සුපිරි නයිට් ක්ලබ් අවතැන් කඳවුරු බවට පත් වේ

ඊශ්‍රායල ප්‍රහාරවලින් මේ වන විට දරුවන් 127 ක් සහ කාන්තාවන් 261 ක් ඇතුළුව රට පුරා  පුද්ගලයින් 2,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් බේරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත සිවිල් වැසියන්ට ලෙබනන් අගනුවර බේරූට්හි සිය නිවෙස් හැර යාමට සිදුවී ඇති බව ද එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

අල් ජසීරා වාර්තා කර තිබුණේ බේරූට් නගර මධ්‍යයේ පිහිටි එක් සුඛෝපභෝගී රාත්‍රී සමාජ ශාලාවක, ඊශ්‍රායලයේ බෝම්බ ප්‍රහාරයෙන් අවතැන් වූ ජනතාවට රැකවරණය ලබා දී ඇති බවයි.

ඊශ්‍රායල හමුදාව කළ පෙර දැනුම්දීමකට අනුව දකුණු බේරූට්හි ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන්ට ඔවුන්ගේ නිවෙස්වලින් පිටව යාමට සිදු වුණා.

ඊශ්‍රායලය විසින් බලහත්කාරයෙන් ඉවත් කිරීමේ නිවේදනයක් නිකුත් කිරීමෙන් ටික වේලාවකට පසු බේරූට් හි විශාල පිපිරීමක් වාර්තා වී ඇති බව ද රොයිටර් පුවත් සේවය වාර්තා කළා.

Latest News

More like this

ඊශ්‍රයාල ඝාතන කුමන්ත්‍රණයකින් ඉරාන ජනාධිපතිවරයා තුවාල ලබයි

ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් ජුනි 16 වන දින ඊශ්‍රායල...

ට්‍රම්ප්ගේ තීරු බදු තර්ජනයට ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල්වල ප්‍රතිචාරය

එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය විසින් අගෝස්තු 01 වනදා සිට...

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...
error: Content is protected !!