ඔක්කොම පරණ බඩු…අපේක්ෂක ලැයිස්තුවලට අලුත් මුහුණු නැතිව දේශපාලන පක්ෂ දැවැන්ත අර්බුදයක

දූෂණ වංචා චෝදනා එල්ල වූ විශාල ප්‍රමාණයක් ඉල්ලුම් කිරීම නිසා ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ කිහිපයක් සිය ලැයිස්තුවලට ඔවුන් ඇතුළත් කර ගැනීම පිළිබඳ අර්බුදයකට මුහුණ දී ඇතැයි වාර්තා වෙනවා.

එම පක්ෂවල අභ්‍යන්තර තොරතුරුවලට අනුව හෙළි වන්නේ මේ වන විට ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ ගණනාවක අපේක්ෂක ලැයිස්තුවලට ඉල්ලුම් කරන පිරිස් අතර විවිධ දූෂණ චෝදනාවලට ලක් වූවන් නඩු පවතින හිටපු මැති ඇමතිවරුන් ඇතුළු කල් ඉකුත් වූ මුහුණු බහුතරයක් පවතින බවයි.

ජාතික ජන බලවේගය මහ මැතිවරණයේ දී විද්වතුන් විෂය ප්‍රාමාණිකයන් ඇතුළු නව මුහුණු සිය අපේක්ෂක ලැයිස්තුවලට ඉදිරිපත් කිරීම නිසා එම අපේක්ෂකයින් සමඟ තරග කිරීමට නම් අලුත්ම මුහුණු හඳුන්වා දීමට එක්සත් ජාතික පක්ෂය,සමගි ජන බලවේගය,ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වැනි පක්ෂවලට ද සිදුව තිබෙනවා.

නමුත් පසුගිය ජනාධිපතිවරණයේ දී එම පක්ෂවලින් තරග කළ අපේක්ෂකයින් සහයෝගය දෙන ඕනෑම පුද්ගලයකු තරාතිරම,පසුබිම නොබලා සිය පක්ෂ තුළට රිංගවා ගැනීම නිසා නව මුහුණු ඔවුන්ගේ අපේක්ෂක ලැයිස්තුවලට ඇතුළත් කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත් වී ඇති බවයි අභ්‍යන්තර තොරතුරුවලින් අනාවරණය වන්නේ.

පසුගිය ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවේ මන්ත්‍රීවරු බුරුතු පිටින් රනිල් වික්‍රමසිංහ මහතාටත් සජිත් ප්‍රේමදාස මහතාටත් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු එම පක්ෂ දෙක අතරත් ඇඳුම් මාරු කරනවා සේ පිල් මාරු කිරීම විලාසිතාවක් වුණා.

නමුත් වසර හැත්තෑගණනක එම මජර දේශපාලනයට තිත තබමින් ජාතික ජන බලවේගය ඔවුන්ගේ දොරට තට්ටු කළ එවැනි කිසිවකුට පක්ෂය විවෘත නොකිරීමට වගබලා ගත්තේ නව දේශපාලන සංස්කෘතියකට පාර කපමිනි.

මෙම පසුබිම තුළ සියලුම අපේක්ෂකයින්ගේ පසුබිම සහ වෙන වෙනම වාර්තා ලබා ගැනීමට ඔවුන් කටයුතු කරමින් සිටින බව අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරනවා.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...
error: Content is protected !!