යෝෂිත,ජොන්ස්ටන්,නිශ්ශංක සේනාධිපති ඇතුළු බර ගණනක් හිටපු ආණ්ඩුවෙන් ගිනි අවි අරන්….

පුද්ගලයින් 1500 ක් ආණ්ඩුවෙන් ගිනි අවි 1690 ක් ලබාගෙන ඇති බවත් ඒවා ආපසු භාර දෙන්න යැයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළා.

ඒ අනුව හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට ගිනි අවි 8ක්,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පුත් යෝෂිත රාජපක්ෂ වෙත ගිනි අවි7ක්,ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපතිට ගිනි අවි 9ක් ගිනි අවි ලබා දී ඇති බව අනාවරණය වී තිබෙනවා. 

එම ගිනි අවි 24 අතර Mm9 වර්ගයේ ගිනි අවි 16 ක් ඇතුළත්.

එම ගිනි අවි ලබාගත් පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රීන් නොවන පිරිසක් ද සිටීම විශේෂත්වයකි.

ඒ අනුව එම ගිනි අවි වහාම රජයට බාර දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ඉල්ලීමක් කර ඇති අතර 2024.11.07 වැනි දිනට භාර නොදුනහොත් 1916 අංක 33 දරණ තුවක්කු ආඥා පනතට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...