ඔබට පුළුවන් ද මගේ දරුවා දෙන්න…කටුවාපිටිය මිනිසුන්ගේ වේදනාව මැද ජනපති සංවේදී වෙයි..

මෑත කාලයේ විශාලතම ඛේදවාචකය සිදු වූයේ 2019 අප්‍රේල් 21 වනදා වන අතර එම ඛේදවාචකය කාලයේ වැලි තලාවට යටපත්ව මකා දැමීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතු බවත් පසුගිය ජනාධිපතිවරණ‍යේදී ජනතාව සිය දේශපාලන තීන්දුව ගැනීමට බලපෑ සාධක අතුරෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණය හා යුක්තිය ඉටු වීමේ අපේක්ෂාවද ඇතුළත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මේ රටේ පුරවැසියන්ගේ අරමුණ, අපේක්ෂාව, බලාපොරොත්තුව හා අපගේ අරමුණ, අපේක්ෂාව, බලාපොරොත්තුව එකක් වන අතර පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව මෙරට ජනතාව අපේක්ෂා කරන යුක්තිය හා සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් අත්‍යාවශ්‍ය කටයුතු මේවන විටත් ආරම්භ කර තිබෙන අතර විවෘත මනසකින් හා විවෘතභාවයකින් යුතුව මෙම සිදුවීම පිළිබඳව නිරවුල් පරීක්ෂණයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (06) පෙරවරුවේ මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත පැමිණි අවස්ථාවේදීය.

එහිදී පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය ජනතාව සිහි කිරීම සඳහා එම භූමියේ ඉදිකර ඇති ස්මාරකයකට ජනාධිපතිවරයා උපහාර දක්වනු ලැබුවා.

ජනාධිපතිවරයා එහිදී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමඟ සංවාදයක ද නිරත වුණා.

එහි දී ජනාධිපතිවරයා වෙත අදහස් දැක්වූ වින්දිත පවුලක සාමාජිකයෙක්…,

“මම මේ පාර ඔබතුමාට ඡන්දය දුන්නා.හැබැයි මම කිසිම දේශපාලනඥයෙක් සත පහකට විශ්වාස කරන්නේ නැහැ.මොකද ප්‍රහාරය ඔබතුමත් දැනගන්න ඕන.ප්‍රහාරය වෙනවා කියලා නොදැන හිටියේ පල්ලි ආව අපි විතරයි.මම කියන්නේ කාටවත් බෑ අපට සාධාරණයක් ඉෂ්ට කරන්න.ඔබතුමාට පුළුවන්ද මට දරුවා දෙන්න.මගේ අම්මා තාත්තා දෙන්න පුළුවන්ද මේක විකාරයක්.කරන දෙයක් මම කියන්නේ දේශපාලාන ෂෝ නැතුව කරලා පෙන්නනන්න.මේ රටේ මිට පස්සේ මේ දේවල් අත්නොවන නීතියක් හදන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලනවා.”

“කවුරුත් දැනගෙන හිටියා කියන එක වැරදියි.ප්‍රභූ ආරක්ෂාක සේවයට මෙය වාර්තා වී තිබුණා.නමුත් ඔබ දන්නව ද මා හෝ අපේ පක්ෂයේ කිසිවකු ප්‍රභූ ආරක්ෂකයින් ආරක්ෂාවට අරගෙන නෑ.එවැනි බිහිසුණු ඛේදවාචකයක් ඉටු කිරීම සඳහා මෙහෙයවූ අයට පරීක්ෂණ හරහා දඬුවම් ලබා දීමත් නැවත එවැනි ඛේදවාචකයක් ඇතිවීමට තියෙන ඉඩකඩ වැළැක්වීමත් තමයි යුක්තිය කියලා කියන්නේ.”පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා සඳහන් කළා.

“සිය සමීපතමයන් කිසිම හේතුවක් නැතුව මියයාමේ වේදනාව අපි අත්විඳලා තියෙනවා.ඒ නිසා මේ පිළිබඳ යුක්තිය ඉටු කිරීම අපට අත්හරින්න බැරි වගකීමක්.

මගේ කාර්යභාරය පැවරුණු සීමාවන් ඇතුළේ නිසි පරිදි ඉටු කරනවා.” යැ‍යි ජනාධිපතිවරයා මෙහිදී  සඳහන් කළා.

Latest News

More like this

සෞඛ්‍ය කෝටි 3923ක් නීතිවිරෝධීව ඕටී ගෙවලා

සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් හා ආයතන සඳහා රුපියල් කෝටි තුනකට...

ලෝක බල අරගලය, මෙරට බල හුවමාරුවකට හේතු විය හැකියි.. හිටපු ජනපති රනිල්

ලෝක බල අරගලයක් දෙසට ගමන් කරමින් සිටින පසුබිමක මෙරට...

විද්‍යුත් පාස්පෝට් සිද්ධිය : අධිකරණයට අපහාස කළ බව ඉලූ‍ක්පිටිය පිළිගනී

විද්‍යුත් විසා ලබාදීමේ සේවය විදේශ සමාගම් දෙකකට ලබාදීමට ගෙන...

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කෙරේ

එළැඹෙන සැප්තැම්බර් මාසයේ මුල සිට අධිවේගී මාර්ගවල ධාවනය වන...
error: Content is protected !!