හර්ෂට එරෙහිව සජබය තුළ රාජකීය කුමන්ත්‍රණයක්…

සමගි ජන බලවේගය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා වෙත පක්ෂ අභ්‍යන්තරයේ එදිරිවාදිකම් රැසක් සිදු වෙමින් පවතින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

ජනාධිපතිවරණයෙන් පසු පක්ෂ අභ්‍යන්තරය තුල සිදුවූ සාකච්ඡා ගණනාවක දී හර්ෂ ද සිල්වාගේ නායකත්වයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවට අදහස් ගණනාවක් ඉදිරිපත් වීම එයට හේතු වී තිබෙනවා.

මේ අනුව කෝපයට පත්ව සිටින පක්ෂ නායකත්වය සහ ඔහුට සමීප කණ්ඩායම හර්ෂ කොළඹ දිස්ත්‍රික්කයෙන් පරාජය කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

සමගි ජන බලවේගයට සමීප මාධ්‍ය කණ්ඩායම් යොදවා හර්ෂ ද සිල්වාට හැකිතාක් පහර දීමට ඒ අනුව එම මාධ්‍ය කණ්ඩායම් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අනුව වහා ක්‍රියාත්මක වුණු සජබ හිතවාදී පුවත්පත් කිහිපයක් සහ විද්‍යුත් නාළිකා කිහිපියක්ම මේ වන  විටත් එම කාර්ය පටන් ගෙන ඇති ආකාරය ඉකුත් සතියේ දැකගත හැකි වුණා.

ඒ අනුව එම මාධ්‍ය කණ්ඩායම් 2024 ජනාධිපතිවරණයේ සජිත් ප්‍රේමදාසගේ පරාජය හර්ෂ ද සිල්වාගේ ගිණුමට බැර කිරීමට අසාර්ථක උත්සහයක් ගනිමින් හර්ෂ,රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තියට එකඟ වීම පරාජයට හේතුව බව පෙන්වා දීමට උත්සහ කර තිබුණා.

අපට ලැබෙන තොරතුරු සනාථ කරමින් ඊයේ (05) දිනයේ පැවැත්වූ මාධ්‍ය සාකඡාවක් අතරතුර හර්ෂ ද සිල්වා සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තමා පරාජය කිරීමට සැලසුමක් ක්‍රියාත්මක වන බවයි. 

“හර්ෂ ද සිල්වාට ගහන එකනේ තියෙන්නෙ හතර වටින් ගහලා වට්ටන්න. ඇයි මට ගහන්නේ.හතර වටින් ගහලා කොළඹ දිස්ත්‍රික්කයෙන් මාව පරද්දන්න.හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු යන එක නවත්තන්න.ප්‍රශ්ණයක් නෑ අපි බලමු මොකද වෙන්නෙ කියලා කොළඹ.”

Latest News

More like this

30% තීරුබදු අඩු කර ගැනීමට ආණ්ඩුවෙන් දෙවැනි මෙහෙයුමක්…

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ඇමරිකානු රජය...

ජනපති අපනයන ක්ෂේත්‍රයේ පාර්ශවකරුන් හමුවෙයි

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් එරටට ආනයනය කරනු ලබන...

SLIIT මගඩිය ගැන මෛත්‍රී, රනිල් ඇතුළු යහපාලන කැබිනට් මණ්ඩලයටම චෝදනා

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ඇති ආයතනයක් වන SLIIT ආයතනයට...

හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි නිතී විරෝධී වැඩක් කරයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳවන...
error: Content is protected !!