හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී තිබූ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයාට ලබා දී තිබූ ආරක්ෂාව මෙසේ ඉවත් කර ඇත්තේ ඔහුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ද සමගිනි.
මේ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂා වෙනුවෙන් ලබා දී තිබූ සියලුම නිලතලවලට අයත් නිලධාරීන් ඉවත් කරනු ලැබ තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට අනුයුක්ත කර සිටි විවිධ නිලයන්ට අයත් පොලිස් නිලධාරීන් 307ක් සහ තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරීන් 24 දෙනෙක් මෙලෙස දිවයිනේ විවිධ විවිධ පොලිස් ස්ථාන සඳහා අනුයුක්ත කර ඇති බවයි වාර්තා වන්නේ.