ඊශ්‍රායලයේ බස් නැවතුම් පොළකට ත්‍රස්ත ප්‍රහාරයක්..25 හැවිරිදි පොලිස් නිලධාරිනියක් ජීවිතක්ෂයට

දකුණු ඊශ්‍රායලයේ බේෂීබා Beersheba මධ්‍යම බස් නැවතුම්පොළේ සිදු වූ වෙඩි තැබීමකින් 25 හැවිරිදි කාන්තා පොලිස් නිලධාරිනියක් මිය ගොස් තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව Jerusalem Post වාර්තා කර තිබෙනවා.

මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බව සඳහන් කරන පොලිසිය ඝාතකයා වෙඩි තබා ඝාතනය කර බව පවසා තිබෙනවා.

මෙම ප්‍රහාරයට ත්‍රස්තවාදියා විසින් පිහි ඇණුම් හා වෙඩි තැබීම් යන ක්‍රම දෙකම භාවිත කර ඇත්ද යන්න පිළිබඳ පොලිසිය පරීක්ෂණ පවත්වයි. 

ඊශ්‍රායල ආරක්ෂක බලධාරීන්ට අනුව ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටි ත්‍රස්තවාදියා 29 හැවිරිදි අහමඩ් අල්-උක්බි ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු ලකීයා නගරයට ආසන්න ගම්මානයක ජීවත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඝාතකයා වෙඩි නොවදින කබායකින් සැරසී තුවක්කුවකින් සහ පිහියකින් සන්නද්ධව සිටි බව පොලිසිය පවසනවා.

අල්-උක්බි ඊශ්‍රායල පුරවැසිභාවය දරන අතර අපරාධ ඉතිහාසයක් ඇති පුද්ගලයකු බව බලධාරීන් උපුටා දක්වමින් Times of Israel වාර්තා කර තිබෙනවා.

Latest News

More like this

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...

6 ශ්‍රේණිය සමලිංගික මොඩියුලය ගැන හරිනිගේ ප්‍රකාශය එයි.. අඩුම කණගාටුවවත් නැහැ…

රජය 2026 වසරේ සිට හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...

ලතා වල්පොලට රාජ්‍ය ගෞරවය නොදී රාජ්‍ය අනුග්‍රහය දුන් හේතුව.. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය...