රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ.. ආරක්‍ෂාවට 163ක බලඇණියක්..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පැතිර යන ප්‍රචාර පදනම් විරහිත බව වැඩබලන පොලිස්පති නිතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව නිලධාරීන් 163 දෙනෙකු මේ වනවිටත් සිටියි.

ඒ අතර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 50 දෙනෙකුල ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 06 දෙනෙකු සහ ස්ථාන මාරුවීම් ලද නිලධාරීන් පිරිසක් ඒ අතරට ඇතුළත් බව පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථානමාරු වීම ලබාදීමට ඊයේ (06) නිකුත්කර තිබිණ.

300 කට අධික පොලිස් නිලධාරීන් පිරිසකගේ නම් සඳහන් කරමින්, මානව සම්පත් කළමනාකරණ හා ජාත්‍යන්තර සම්බන්ධතා දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති, එච්. එම්. සිසිර කුමාරගේ අත්සනින් යුතුව ඊයේ (06) නිකුත්කර ඇති නියෝගයේ මෙසේද සඳහන්ව තිබිණ.

”මැතිවරණ කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්‌ය පටිපාටික රීති සංග්‍රහයේ 258 (I) හා (II) වගන්ති අනුව පහත සඳහන් නිලධරයන් හට වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ආරක්‍ෂක කොට්ඨාසයේ සිට ඔවුන්ගේ නම් ඉදිරියෙන් සඳහන් කර ඇති කොට්ඨාසයන් වෙත ස්ථාන මාරුවීම් නියෝග කරමි.”

කෙසේවුවද, ‘අද දෙරණ’ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසා ඇත්තේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 50 දෙනෙකු ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් තවදුරටත් එළෙසම කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාට ලබාදිය යුතු නිලධාරීන් ගණන කඩිනමින් තීරණය කර ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු මෙහිදී සඳහන් කර ඇත.

මේ අතර වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව මේ වනවිට තීරණය කර ඇති අතර, අතිරික්ත නිලධාරීන් ඉවත්කිරීම ද සිදුව ඇති බව ද වාර්තා වේ..

Latest News

More like this

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න්ගේ දියණිය ඇප මත මුදා හැරේ..

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන...

දේශීය ආදායම කඩිනමින් ඩිජිටල් කරන්න.. ජනපතිගෙන් නියෝගයක්

රටේ බදු පදනම පුළුල් කිරීමටත්, බදු ගෙවීමේ ක්‍රියාවලිය මහජනතාවට...

රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් නිදහස් කිරීම පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා… ඇමති අනිල්

විධිමත් පරීක්ෂණයකින් තොරව රේගුවෙන් බහාලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය...

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණය රජය ඇතුළාන්තයෙන්ම භාජනය විය යුතු පරීක්ෂණයකි… ජනපති අනුර

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණය රජය, රජයේ ඇතුලාන්තයෙන්ම භාජනය...
error: Content is protected !!