ටෙලි නාට්‍ය නළුවා අයිස් සමඟ මාට්ටු

ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 300ක් ද සමඟ තණමල්විල මූලස්ථාන පොලිසිය විසින් පෙරේදා (05) අත්අඩංගුවට ගනු ලැබුවා.

විසි හයවන වියේ පසු වන මෙම රංගන ශිල්පියා තණමල්විල බලහරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවටගත් සැකකාර නළුවා තලෙයිමන්නාරම ප්‍රදේශයේදී රුපියල් කෝටි හතරක මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙකු බවත් අයථා වත්කම් ඉපයීම සම්බන්ධයෙන් ද ඔහුට එරෙහිව නඩුවක් විභාග වෙමින් පවතින බවත් පොලිසිය පවසනවා.

තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණ තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කළේ.

සැකකරු පොලිස් අත්අඩංගුවට පත්වෙමින් පසුව මුදාගැනීම සඳහා නීතිඥවරුන් කිහිප දෙනෙකුද පොලිසියට පැමිණ ඇති අතර සැකකරුගේ පාර්ශවය අයකු ස්ථානාධිපතිවරයාට ලක්ෂ දහයක අල්ලස් ඉඳලක් ලබාදීමටද උත්සාහ කර ඇති බව වාර්තා වෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු ඊයේ වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Latest News

More like this

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...