ගිය ආන්ඩුවේ විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍ර ඇණවුම අවලංගු කරන්නේ නැහැ.. අමාත්‍ය විජිත හේරත්

විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩරය නිසි පරිදි කළමනාකරණය නොකිරීම හේතුවෙන් මතුව ඇති විදේශ ගමන් බලපත්‍රය හිඟයට විසඳුමක් ලෙස එම ටෙන්ඩරය හිමි කරගත් තේල්ස් සමාගමට හා එහි ශ්‍රී ලංකා නියෝජිතයා වන ජස්ට් ඉන් ටයිම් ටෙක්නොලොජීස් සමාගමට පසුගිය රජය දුන් විද්‍යුත් චිපය රහිත විදේශ ගමන් බලපත්‍ර 750,000ක ඇණවුම අවලංගු නොකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

එම ඇණවුම තේල්ස් සමාගමට සහ එහි ශ්‍රී ංකා නියෝජිත ජස්ට් ඉන් ටෙක්නොලොජීස් සමාගමට ලබා දීමට පසුගිය රජය ගත් තීරණය වැරදි වුවත් නිවැරදි වුවත් එම ඇණවුම අවලංගු නොකරන බවත් එම ඇණවම අවලංගු කළහොත් විදේශ ගමන් බලපත්‍ර හිඟයක් ඇතිවනු ඇති බවත් නව රජය එම ඇණවුම අවලංගු නොකිරීමට තීරණය කළ බව ඔහු සඳහන් කළා.

තේල්ස් සමාගම 47,500 ක විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර තොගයේ පළමු කොටස එළැඹෙන 15වැනිදා සිට 20වැනිදා අතර දිනයකදී මෙරටට ලැබීමට නියමිතව තිබූ බවයි ඔහු සඳහන් කළේ.

විද්‍යුත් චිපය රහිත විදේශ ගමන් බලපත්‍ර ඇණවුමේ දෙවැනි තොගය ලෙස විදේශ ගමන් බලපත්‍ර 100,000 ප්‍රමාණයක් නොවැම්බර් මස අවසානයේදී ලැබීමට නියමිත බව අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියා.

කෙසේවෙතත් තේල්ස් තවමත් නව විදේශ ගමන් බලපත්‍රයේ සාම්පල ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ලබා දී නැහැ.

රටක් නව විදේශ ගමන් බලපත්‍රයක් හඳුන්වාදීමට පෙර එහි පිට පත් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය වෙත කල්තියා අනුමැතිය සඳහා යැවිය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

ඒ අනුව පසුගිය රජය ඇණවුම් ලබා දී ඇති ආකරයට විද්‍යුත් චිපය රහිත විදේශ ගමන් බලපත්‍ර 750,000 ක මුදලකට නව රජය මිලදි ගනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

Latest News

More like this

මුහම්ම්ද් නබිතුමන්ට කාටුනයකින් අපහාස කළ තුර්කියේ මාධ්‍යවේදීන් සිව් දෙනෙක් අත්අඩංගුවට

මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් කලු පැල්ලම් සහිත ඉතිහාසයක් ඇති තුර්කිය...

ඉන්දියාවේ ජනප්‍රිය තාරකාවක් හදිසියේම ජීවිතක්ෂයට

Big Boss 13 රියැලිටි වැඩසටහන ඔස්සේ ජනප්‍රිය වූ ෂෙෆාලි...

බදුවලින් බේරෙන්න ගහපු ගේමක් මාට්ටු වී ආනයනය කළ වාහන 300 ක් යළි හරවා යවයි

වාහන ආනයනයේදී සිදුවූ වංචාවක් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව වාහන...
error: Content is protected !!