අලුත් ආණ්ඩුව පත් කළ නිලධාරීන් අසාධු ලේඛනගත සමාගමකට කෝටි 4 ක ඖෂධ ටෙන්ඩරයක් ලබා දීලා

‘ක්ලෝර්හෙක්සීඩීන්’ නම් මුඛය පිරිසිදු කිරීමට භාවිත කරන විෂබීජ නාශක දියර බෝතල් 270,000 ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 37 (කෝටි 4 කට ආසන්න)වටිනාකමකින් යුත් ටෙන්ඩරයක් අසාධු ලේඛන ගත කර ඇති ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නැති සමාගමකට ප්‍රදානය කිරීමට රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ටෙන්ඩර මණ්ඩලය සූදානම් වන බව අනාවරණය කර තිබෙනවා.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා මේ බව අනාවරණය කරමින් මෙම ටෙන්ඩරය පිළිබඳ වහාම විමර්ශනයක් කර අක්‍රමිතාවන්ට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනු ලැබුවා.

අදාල බංගලාදේශ සමාගම මෙරටට ගෙවිය යුතු රු මිලියන 130 කට ආසන්න මුදලක් නොගෙවීම මත මෙම සමාගම අසාධු ලේඛනගත කර ඇති බවයි සඳහන් වන්නේ.

‘ක්ලෝර්හෙක්සීඩීන්’ නැමති නිෂ්පාදනය සඳහා මෙම ටෙන්ඩරය ප්‍රදානය කරන විටත් ඖෂධ නියාමන අධිකාරියේ නිසි ලියාපදිංචිය හෝ ලොව පිළිගත් ලොව පිළිගත් ලෝක සෞඛ්‍ය සංවිධාන රසායනාගාරයක ප්‍රමිති සහතිකය අදාළ සමාගම ගෙන නොමැති බව වෛද්‍ය චමල් සංජීව මහතා අනාවරණය කර තිබෙනවා.

පසුගිය දෙසැම්බර් මාසයේ නව රජය පත්කළ නිලධාරීන් විසින් මෙම ගණුදෙනුව සිදු කර ඇති බැවින් වහාම මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර අක්‍රමිකතාවක් සිදු වී වගකිව යුතු නිලධාරීන් සම්බන්ධ පියවර ගනු ඇතැයි බලාපොරොත්තු වන බව වෛද්‍ය චමල් වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!