සජිත් රනිල් එකතු කිරීම යළිත් කරළියට

පවතින දේශපාලන වාතාවරණය හමුවේ නව ගමනක් ආරම්භ කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් කිරීමට පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා සිදු වෙමින් පවතින බව එම පක්ෂවල අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

සජිත් ප්‍රේමදාසගේ නායක්ත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ සහ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ක්‍රියාකාරීන් දේශපාලන හිතවතුන් පක්ෂ දෙකේම නායකත්වය වෙත මේ පිළිබඳ ඉල්ලීම් සිදු කරමින් සිටින බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

පසුගිය සතියේ සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීමේ දී එහි මන්ත්‍රීවරුන් පහළොස්දෙනෙකුගෙන් 14 දෙනෙකුම මෙම මතයේ සිට කරුණු දැක්වීම් සිදු කර තිබුණා.

මේ අතර සමගි ජන බලවේගයේ නායකයින් පිරිසක් පසුගිය දා රැස්වූ පක්ෂ දෙකේ නායකයින් එක් වීම අවධාරණය කර ඇති බව සඳහන් වෙනවා.

බෙදී වෙන් වී කටයුතු කිරීමෙන් පක්ෂ දෙකෙන් එකකට හෝ ජයග්‍රහණ ලබා ගත නොහැකි බව මන්ත්‍රීවරුන් එම කමිටු රැස්වීමේදී පෙන්වා දෙනු ලැබුවා.

පසුගිය ජනාධිපතිවරණයේ දී හා මහ මැතිවරණයේ දී ද එම පක්ෂවල බොහෝ පිරිසක් නායකත්වයන් දෙක එකතු කිරීමට උත්සහ කළත් එම ප්‍රයත්නයන් කිසිවක් සාර්ථක වුණේ නැහැ.

Latest News

More like this

දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ...

මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට පේරාදෙණිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අතවර !

මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර...

තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම...

රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්...