හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතියේ කොටසක් ලෙස පුළුල් කිරීමට හා එය මහජනතාවට වඩාත් දැරිය හැකි ප්‍රවේශයක් බවට පත් කිරීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රජය විසින් පවත්වාගෙන යනු ලබන පහසුකමක් වන වැලිසර හෝමියෝපති රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් නව රජයේ මෙම දැක්ම ප්‍රකාශයට පත් කළා.
මෙම රෝහල මගින් ශ්වසන ආබාධ, සමේ රෝග, දියවැඩියාව, ආතරයිටීස් සහ කාන්තා හා ළමා සෞඛ්‍ය ගැටලු වැනි තත්ත්වයන් සඳහා දිනපතා ප්‍රතිකාර ලබා දේ.
එය සෑම දිනකම බාහිර රෝගීන් 200 ක් සඳහා පහසුකම් සපයන අතර නේවාසික ප්‍රතිකාර ඒකකයක් ද ක්‍රියාත්මක කරයි.
වෛද්‍ය ජයතිස්ස, හෝමියෝපති ප්‍රතිකාරයේ ඇති අවම අතුරු ආබාධ ඇතුළුව එහි ප්‍රතිලාභ ඉස්මතු කළ අතර සේවා වැඩිදියුණු කිරීමේ සැලසුම් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීම, ස්ථාවර ඖෂධ සැපයීම සහතික කිරීම, නේවාසික ප්‍රතිකාර ඒකකය ඇඳන් 50ක් දක්වා පුළුල් කිරීම සහ X-කිරණ, භෞතචිකිත්සාව සහ උපදේශන වැනි නව සේවාවන් හඳුන්වාදීම එයට ඇතුළත්ය.
රෝහල ඉගැන්වීමේ ආයතනයක් බවට පත් කිරීමටත් හෝමියෝපති පිළිබඳ උසස් පුහුණුවක් සඳහා ශ්‍රී ලාංකික සිසුන් වැඩි ප්‍රමාණයක් ඉන්දියාවට යැවීමට ද මෙහිදී යෝජනා වී තිබෙනවා.
හෝමියෝපති වෛද්‍ය සභාව මඟින් හෝමියෝපති වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවීම, දේශීයව ඖෂධ නිෂ්පාදනය කිරීම සහ රටපුරා සායන සහ රෝහල් ව්‍යාප්ත කිරීම වැනි තවත් මුල පිරීම් යෝජනා කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.