රෂ්මිකා මන්දනා හා විකී කෞෂාල් ගැන සුබ ආරංචියක්!

මේ වන විට දකුණු ඉන්දියානු සිනමාවේ වැඩිම ඉල්ලුමක් පවතින නිළියන් අතර ඉහළින්ම සිටින නිළියක් වන්නේ රශ්මිකා මන්දනා (Rashmika Mandanna)ය.

පසුගිය වසරේ තිරගත වු ඇගේ චිත්‍රපට දෙකක් බ්ලොක් බස්ටර් හිට් වුණේ මන්දනාට විශාල කීර්තියක් අත් කර දෙමිනි.

2025 වසරේ ආරම්භය ද ඇයගේම කර ගනිමින් ඇය රංගනයෙන් දායක වන Chhava එළැඹෙන පෙබරවාරි 14 වැනි දා සිට තිරගත වීමට දැන් සූදානම්ය.

විකී කෞෂාල් සමඟ ඇය ප්‍රධාන චරිත නිරූපනය කරන Chhava චිත්‍රපටයේ ඇගේ රාජකීය පළමු පෙනුම සහිත පෝස්ටරය (එකක් නොව පෝස්ටර දෙකක්ම) අන්තර්ජාලයට මුදා හැරීමට නිෂ්පාදකයින් කටයුතු කර තිබෙන්නේ ඒ අනුවයි.

රශ්මිකා විසින් Chhava හි නිරූපනය කරන්නේ මහාරාණි යේසුබායි නමැති නිර්භීත රැජිණියකගේ භූමිකාවයි.

මහාරාණි යේසුබායි යනු මරාටා පාලක ඡත්‍රපති සම්බාජි මහාරාජ්ගේ බිරිඳයි. ඇයව හඳුන්වනු ලැබුවේ මරාතා රාජධානියේ චත්‍රපති මහාරාණි ලෙසය.

පෝස්ටර් අඟහරුවාදා Instagram හි බෙදා ගනු ලැබුවේ “සෑම ශ්‍රේෂ්ඨ රජෙකු පිටුපසම, අසමසම ශක්තියකින් යුත් රැජිනක් සිටී. ස්වරාජ්‍යයේ අභිමානය වන මහාරාණි යේසුබායි ලෙස රශ්මිකා මන්දන්න හඳුන්වා දීම” යන ශීර්ෂ පාඨය සහිතවය.

චිත්‍රපටයේ ට්‍රේලරය ද ඊට සමගාමීව අද (22) නිකුත් කිරීමට නියමිතය.

Latest News

More like this

තාත්තා වගේම මමත් සම්මානවලට කැමතියි.. ඒත් මේක අම්මාට..

පසුගිය සතියේ පැවැත්වුණු NDTV Indian of the Year 2025...

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...