රු 70,000 ක් ගෙවූ රු 370 බෙහෙත ගැන නලින්ගෙන් ප්‍රකාශයක්

රුපියල් 370කට මිලදී ගැනීමට හැකියාව ඇති ඖෂධයක් රුපියල් 70,000 කට මිලදී ගැනීමට සමාගමකට අවසර ලබා දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

මෙවැනි විශාල මුදලකට මිලදී ගෙන ඇත්තේ හෘද රෝග සැත්කම් සඳහා යොදා ගන්නා ඖෂධයකි. මෙයින් ඖෂධ මාෆියාව්‍ර්‍ර් තරම තහවුරු වන බවත් මේ සම්බන්ධ සම්පූර්ණ ප්‍රකාශයක් අද (22)දින පාර්ලිමේන්තුවේ දී ලබා දෙන බවත් ඔහු සඳහන් කළා.

වෙනත් සමාගම්වලට ලියාපදිංචි වීමට ඉඩ නොදී තනි සමාගමක් ලෙස මෙම ඖෂධය ගෙන්වීමෙන් ඒකාධිකාරියක් ඇතිකර ඔවුන් ඉදිරිපත් කර ඇති මිලට රජය මගින් ඖෂධ ලබාගෙන මෙම වංචාව සිදු කර ඇති බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීම් වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියා.

2019 සිට 2023 දක්වා මෙම ඖෂධ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 342.49 ක් වැය කර ඇති අතර එහිදි 76000 දක්වා විවිධ මිලගණන් යටතේ හෘද රෝග සැත්කම් සඳහා මෙම ඖෂධය ගෙන්වා ඇති බවයි අමාත්‍යවරයා අනාවරණය කර සිටියේ.

ඖෂධ ගෙන්වා ඇති මෙම සමාගමට දේශපාලන සම්බන්ධතා ඇති බවත් මේ සමාගම සමඟ ඥාති සබඳතා ඇති කිහිප දෙනෙකුම පාර්ලිමේන්තුවේ සිටින බවත් ජයතිස්ස මහතා සඳහන් කළා.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!