එජාප-සජබ එක්කිරීමේ මෙහෙයුම් සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය හා සිදුකළ පළමු සාකච්ඡාව සාර්ථක බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

ඒ අනුව පක්ෂ දෙක එකාබද්ධ කිරීමට එකඟතාවය පළ වූ බවයි ඔහු සඳහන් කරන්නේ.

එමෙන්ම පක්ෂ දෙක එකාබද්ධ කරන ආකාරය සහ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් තවදුරටත් මේ සතියේ දී සාකච්ඡා කරන බව ඔහු පැවසුවා.

මෙම සාකච්ඡා සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් එජාප මහ ලේකම් තලතා අතුකෝරල, රුවන් විජයවර්ධන, සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර,තිස්ස අත්තනායක සහ කබීර් හෂීම් එක්ව සිටියා.

Latest News

More like this

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා...

නත්තල් දා මුළු රටක් දෙවියන්ගෙන් පුටින්ගේ මරණය ඉල්ලූ හැටි

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා...