ට්‍රම්ප්ගේ ඇමරිකාව ලිංග දෙකකට සීමාවේ

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ ලබා දුන් පොරොන්දු අනුව යමින් දිවුරුම් දීමෙන් අනතුරුව ස්ත්‍රී පුරුෂ භාවය සහ විවිධත්වය පිළිබඳ එක්සත් ජනපද රජයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට විධායක නියෝග නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු බයිඩන් පරිපාලනයේ නියෝග දෙකක් ආපසු හැරවීමට කටයුතු කරනු ලැබුවා.

ඔහු අවලංගු කළ නියෝග දෙක අතර එකක් වන්නේ ස්ත්‍රී පුරුෂ භාවය හෝ ලිංගික දිශානතිය මත පදනම්ව වෙනස් කොට සැලකීම වැළැක්වීම අරමුණු කරගනිමින් බයිඩන් ගත් රැඩිකල් නියෝගයයි.

ඒ අනුව ට්‍රම්ප් ලිංගභේද දෙකක් පමණක් එනම් පිරිමි සහ ගැහැණු ලෙස පමණක් ලිංගභේදය නම් කරනු ලබන නියෝගයකට අත්සන් කර ඒවා වෙනස් කළ නොහැකි බව දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය ඇමතූ අවස්ථාවේදී සඳහන් කර සිටියා.

2022 වසර වන විට බයිඩන් පරිපාලනය විසින් ගත් තීරණයකට අනුව, එක්සත් ජනපද පුරවැසියන්ට විදේශ ගමන් බලපත්‍රවල ඔවුන්ගේ ලිංගික අනන්‍යතාව ලෙස ලෙස “X” තෝරා ගැනීමට හැකියාව ලැබුණා. රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව කෙනෙකුගේ X සලකුණ පුරවැසි ලේඛනවල හෝ හැඳුනුම්පතේ ස්ත්‍රී පුරුෂ භාවයට ගැළපීමට අවශ්‍ය නොවූ අතර එසේම කෙනෙකුගේ ලිංගභේදය වෙනස් කිරීමට අදාළ වෛද්‍ය සහතික අනවශ්‍ය බව සඳහන් වුණා.

Latest News

More like this

බොන්ඩි බීච් ප්‍රහාරයෙන් ජීවිත ගණනාවක් බේරාගත් ඕස්ට්‍රේලියාවේ වීරයා

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි බීච් හි දී නිරායුධ සිවිල්...

අරගලයට පින් දිදී.. රාජපක්ෂ පවුල රට බංකොලොත් කළ ආකාරය හෙළි කරන චන්ද්‍රිකා

වසර 2009-2014 කාලය තුළ රාජපක්ෂ පවුල ප්‍රධාන පෙළේ ව්‍යාපෘතිවලින්...

උපාධි සහතිකය සම්බන්ධයෙන් රන්වලට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නවද? ඔව්.. පුළුවන් – නලින්ද

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගෙ ආචාර්ය...

රජය ජ්‍යාත්‍යන්තර ආධාර සමුළුව සැලසුම් කරයි

ආපදාවෙන් පීඩාවට පත් රට නැවත ගොඩනැගීම සඳහා සහාය ලබා...