සම්මුඛ පරීක්ෂණයකට පුංචි ටිප්ස් හතක්..

දෑත් හරහට බැඳගන්න එපා

ඉන්ටර්වීව් එකකදි මෙය හොඳ පෙනුමක් නෙවෙයි. ඒ වගේම දෑත් හරස් කිරීම සන්නිවේදනය සඳහා අභිනයන් භාවිතා කිරීම ඇති හැකියාව සීමා කරනවා වගේම සම්මුඛ පරීක්ෂකවරයා සහ ඔබ අතර බාධකයක් සේ ක්‍රියා කරනවා.

කොණ්ඩයත් එක්ක සෙල්ලම් දාන්න එපා

එය නොසන්සුන්තාවය, අවධානය අඩුවීම සහ වෘත්තීයමය නොවන බව පෙන්නුම් කරන්නක්. සම්මුඛ පරීක්ෂකවරයාගේ අවධානය ඔබ පවසන දෙයින් වෙන අතකට යොමු වීමට එයින් බලපෑමක් විය හැකියි. පීඩනය හැසිරවීමට ඔබට ඇති හැකියාව පිළිබඳ ඍණාත්මක හැඟීමක් ද මෙයින් ඇති කරනවා.

දැඩි වෙන්න එපා

සෘජුව ඇස් දිහා බලාගෙන කතා කිරීම ඉතා හොඳයි. ඒත් එක දිගට දිගු වෙලාවක් එහෙම කරන්න එපා. ඔබත් පරීක්ෂකවරයාත් දෙදෙනාම අපහසුතාවට පත් විය හැකියි.

සුදානමක් නැතුව යන්න එපා

පර්යේෂණ නොමැතිකම ඔබට සැබවින්ම උනන්දුවක් නැති බව යෝජනා කරයි.

සල්ලි ගැන කතා කරන්න එපා

ඔබේ වටිනාකම ඔවුන් යෝජනා කරන තෙක් වැටුප කියන වචනයවත් කියන්න් එපා.

කැෂුවල් අඳින්න එපා

කැෂුවල් ඇඳුම් අඳින වෙනම තැන් සහ වෙලාවල් තියෙනවා. සම්මුඛ පරීක්ෂණයකට කැෂුවල් ඇඳගෙන යාම යට ඇඳුමකින් යාමක් හා සමානයි.

බොරු කියන්න එපා

ඔබව රැකියාවට තෝරාගත යුතු වන්නේ ඔබේ නියම සුදුසුකම් අනුව මිසක් ව්‍යාජ සුදුසුකම් අනුව නෙවෙයි. බොරු සුදුසුකම් පෙන්වල වර්තමාන නවීන ලෝකේ කිසිම විදියකට ගැලවෙන්න බෑ. මතකනේ කතානායකවරයෙක් පවා ගෙදර ගියා..

Latest News

More like this

ඉරාන හා පලස්තීන වැසියන් වෙනුවෙන් විමල් ගයයි

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පීඩාවට පත් පලස්තීන හා ඉරාන වැසියන්...

ගෙයින් ගෙට ගොස් බඩු විකුණූ ‘විවේක්’ වසරකට බිලියනයක් හොයන රහස

බොලිවුඩ් සිනමාවේ දශක දෙකක් වැනි කාලයක් ගත කරලා අද...

කැලණිය ප්‍රාදේශීය සභාවේ යමක් සිදු වෙමින් පවතී..

මම මෑත දිනයක කැලණිය ප්‍රාදේශීය සභාවට ගියේ නිවසට අදාළ...

ජනප්‍රිය දකුණු කොරියානු නිළිය සමුගනී

දකුණු කොරියානු නිළි ලී සියෝ-යි (Lee Seo-yi) වයස අවුරුදු...
error: Content is protected !!