විවාහ වීමට පොදු වයස් සීමාවක්

ශ්‍රී ලංකාවේ විවාහ වන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපති කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ මූලිකත්වයෙන් ජනවාරි 21 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේ මෙම යෝජනාව ඉදිරිපත් වූ බවයි සඳහන් වන්නේ.

ලංකාවේ දැනට පවතින විවිධ විවාහ නීති අනුව පවතින විවාහ වන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට අවශ්‍ය සංශෝධන සකස් කිරීම සඳහා සිවිල් සංවිධාන සහ අදාළ පාර්ශවයන්ගේ යෝජනා ලබා ගැනීමටත් ඒ ඔස්සේ අවසන් නිර්දේශ සංසදය මගින් සකස් කිරීමත් මෙහිදී යෝජනා වුණා.

‘ළමයා’ යන්න නිවැරදි ලෙස අර්ථකතනයක් ලබා දීමට අවශ්‍ය සංශෝධන සිදු කිරීමට ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමු වූ බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

අගමැති මෝදිගෙන් ජනපතිට ඇමතුමක්

දිට්වා සුළි කුණාටු තත්ත්වය සමඟ ශ්‍රී ලංකාව මුහුණ දුන්...

විපතෙන් ගොඩ ඒමට චීනයත් ආධාර කරයි

දීට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශකාරී ගංවතුර සහ නායයෑම්...

විපතට පත්වූවන් මුදාගනිමින් සිටියදී ජීවිතය පිදූ කීර්තිමත් නියමුවා පිළිබඳ ගුවන් හමුදාවෙන් නිවේදනයක්

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශය අසල අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට...