වාහන පර්මිට් අහෝසි කරන්න තීරණයක් ගෙන නැහැ..

වාහන ආනයනයේදී තීරුබදු රහිත බලපත්‍ර අහෝසි කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා.

තීරුබදු රහිත වාහන බලපත්‍ර මගින් වාහන ආනයනය මේ වසරට සීමා කිරීමක් මිස බලපත් අහෝසි කිරීමක් සිදු නොකරන බව ඔහු එහිදී කියා සිටියා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (ජනවාරි 23) පාර්ලිමේන්තුවේදී ය.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කරනු ලැබුවා.

“වාහන පර්මිට්ස්වලට කිසිම වෙලාවක රජයේ ස්ථාවරයක් නෑ නිලධාරින් හෝ සුදුසුකම් තිබෙන අයට ප්‍රතිලාභය අහිමි කරන්න. මොකද මේ ප්‍රතිලාභය දෙද්දීත් ගත්ත ක්‍රියාමාර්ගවල අතීතයේ වැරැදි තීන්දු තීරණ තියෙන්න පුළුවන්. ඔවුන්ට සාධාරණ වැටුපක් ප්‍රතිලාභයක් නැති නිසා සමහර වෙලාවට මේ පර්මිට් ලබා දීම හෝ වෙනත් දේ එල්ලලා තිබෙනවා. කෙසේ වෙතත් ඒවා වෙන ම අධ්‍යනය කළ හැකියි. ප්‍රස්තුත කාරණය මේ වර්ෂයට සාපේක්ෂව නිකුත්ව තිබෙන බලපත් ප්‍රමාණය ගත්තාම විශාල ප්‍රමාණයක් සංඛ්‍යා ලේඛනවල පහළොස් දාහක් විසිදාහක් විතර තියෙනවා. අර විදේශ සංචිත ප්‍රමාණය බලලා පර්මිට්වලට ඉඩ ඇරියොත් මේ වසරේදී අපි මේ කී ආර්ථික ඉලක්කයට ළඟාවෙන්න බැරිව යනවා. ආර්ථිකය ප්‍රසාරණය කරන්න බැරිව යනවා. ඒ නිසා ප්‍රමුඛතා පිළිබඳ ප්‍රශ්නයක් මිස ප්‍රතිපත්තියක් හැටියට අහෝසි කරන්න තීන්දුවක් ගෙන නෑ.”

කෙසේ වෙතත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෑතකදී රූපවාහිනී සාකච්ඡාවකට එක් වෙමින් රජයේ නිලධාරීන් ඇතුළුව වාහන ගෙන්වීමේදී තීරු බදු රහිත බලපත්‍රවලට අවස්ථාව ලබා නොදෙන බව ප්‍රකාශ කර තිබුණා.

Latest News

More like this

ග්‍රෑම් 825 බැගින් වන බොරු පියයුරු ඉවත් කළ ඉන්දියානු නිළිය…

ෂර්ලින් චොප්රා කියන්නේ ඉන්දියානු නිළියක්. ඇය මේ දවස්වල බොලිවුඩ්වල...

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...