බැක්ටීරියාත් නෙවෙයි වෛරසුත් නෙවෙයි… ඉන්දියාවේ එකම ගමක පවුල් තුනක 17ක් අද්භූත ලෙස මියගිහින්

ජම්මු සහ කාශ්මීරයේ රාජෝරි දිස්ත්‍රික්කයේ බුදාල් ගම්මානයේ අද්භූත සිදුවීමකින් මිය ගිය සංඛ්‍යාව 17 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මාධ්‍ය වාර්ත පෙන්වා දී තිබෙනවා.

මෙම මරණ දාමය ගමේ එකිනෙකට සම්බන්ධ පවුල් තුනක් අතර සිදුවන අතර කිසිදු බෝවන බැක්ටීරියා හෝ වෛරස් රෝගයකට එය සම්බන්ධ නැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඉන්දියානු විෂ විද්‍යා පර්යේෂණ ආයතනය CSIR-IITR (Indian Institute of Toxicology Research) මේ සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණවලදී සාම්පලවල විෂ ද්‍රව්‍යයක් අනාවරණය කර ගැනීමට සමත් වූ බව සඳහන්.

මෙම මරණ දාමයේ නවතම මරණය පසුගිය ඉරිදා දිනයේ වාර්තා වූ බව සඳහන් වෙනවා.

ගමේ පළමු මරණය 2024 දෙසැම්බර් 5 වන දින සිදු වූ අතර අද්භූත රෝගය හේතුවෙන් පවුලක සාමාජිකයින් පස් දෙනෙකු මිය ගොස් තිබුණා. ගමේ ප්‍රජා භෝජන සංග්‍රහයකින් පසු පවුලේ හත් දෙනෙකු රෝගාතුර වූ බවයි පැවසෙන්නේ. දින පහකට පසු 2024 දෙසැම්බර් 12 වන දින එම රෝගයෙන් දරුවන් තිදෙනෙක් මිය ගිය බව සඳහන්.

ජනවාරි 12 වෙනිදා තවත් ප්‍රජා භෝජන සංග්‍රහයකින් පසු දස දෙනෙකුගෙන් යුත් පවුලක් රෝගාතුර වීමෙන් අනතුරුව එතැන් සිට මරණ හතක් සිදුවී තිබුණා. අද්භූත රෝගය නිසා ගම තුළ භීතියක් ඇති වී ඇති අතර ගම්වාසීන් ඔවුන්ගේ සෞඛ්‍යය ගැන දැඩි බියකින් වන බව වාර්තා පවසනවා.

දෙසැම්බර් 7 වැනි දින පළමු සිදුවීමෙන් පසු රජය ආහාර හා ජල සාම්පල පරීක්ෂා කිරීම සඳහා විශේෂඥ කණ්ඩායම අදාළ ගම්මානයට පිටත් කර ඇති අතර ඔවුන් ගෙයින් ගෙට ගොස් සියලු ගම්වැසියන් පරීක්ෂා කරමින් සිටින බව ද සඳහන්ය.

Latest News

More like this

අගමැති මෝදිගෙන් ජනපතිට ඇමතුමක්

දිට්වා සුළි කුණාටු තත්ත්වය සමඟ ශ්‍රී ලංකාව මුහුණ දුන්...

විපතෙන් ගොඩ ඒමට චීනයත් ආධාර කරයි

දීට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශකාරී ගංවතුර සහ නායයෑම්...

විපතට පත්වූවන් මුදාගනිමින් සිටියදී ජීවිතය පිදූ කීර්තිමත් නියමුවා පිළිබඳ ගුවන් හමුදාවෙන් නිවේදනයක්

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශය අසල අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට...