BLACKPINK ලීසාට සමාන රුවක් ඇති අනූ මලික්ගේ දියණිය

ඉන්දියානු සංගීත නිර්මාපකයෙකු සහ ගායකයකු වන අනු මලික්ගේ දියණිය ඒඩා මලික් (Ada Malik) ගැන මෑතකදී වැඩි වශයෙන් කතාබහට ලක් වීමට පටන් ගැනුණා.

ඒ ඇය මෑතකදී ඇගේ පියා ඇතුළු පවුලේ අය සමඟ අශුතෝෂ් ගෝවාරිකර්ගේ පුත් කොනාක් ගෝවාරිකර්ගේ විවාහ මංගල්ලයට සහභාගී වීමත් සමඟයි.

එහි ඒඩාගේ වීඩියෝ ක්ලිප් එකක් සමාජ මාධ්‍යවල වෛරල් වූ අතර ඒඩාගේ රුව ජනප්‍රිය කොරියානු සංගීත කණ්ඩායමක් වන BLACKPINK සාමාජිකා ලීසාට සමාන බවයි බොහෝ දෙනෙක් පැවසුවේ. සමහරු ඇය ලීසාටත් වඩා හුරුබුහුටි බව සඳහන් කර තිබුණා.

අනු මලික්ගේ දියණිය වන ඒඩා මලික් විලාසිතා නිර්මාණ ශිල්පිනියකි. ඇය නිව්යෝර්ක්හි පාර්සන්ස් නිර්මාණ පාසලේ අධ්‍යාපනය අවසන් කර සිටිනවා. මෑතකදී ටනීෂා මුකර්ජි, ඒඩා නිර්මාණය කළ ඇඳුමකින් සැරසී සිටියා.

Latest News

More like this

තාත්තා වගේම මමත් සම්මානවලට කැමතියි.. ඒත් මේක අම්මාට..

පසුගිය සතියේ පැවැත්වුණු NDTV Indian of the Year 2025...

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...