සේවා අපනයනකරුවන්ගේ 15% බද්දට විශේෂ සහනයක්

සේවා අපනයනකරුවන්ට පනවන බදු සඳහා විශේෂ වාසියක් ලබාදී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු අද (04) පාර්ලිමේන්තු සභාවාරය අතරතුර සඳහන් කළා..

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, සේවා අපනයන කරුවන් මුදල් ඉපයීමේදි පළමු 150,000 නිදහස් වන අතර, දෙවන 83,000ට 6%ක් ද, ඉතුරු ශේෂයටම 15% ක් පමණක් ගෙවීමට සිදුවන බවයි.

මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ,

‘‘ඒ වාසිය ලබාගන්න එයා ඔප්පු කරන්න ඕනේ එයා ස්වයංව තමන්ගේ බදු තක්සේරු ඉදිරිපත් කරන කොට තමුන් මේක සේවා අපනයනය කරලා ලබාගත්ත එකක්. ඒ නිසා තමයි බැංකු හරහා ඉදිරිපත් කරන්න ඕනේ කිව්වේ. මේ වගේ දේවල්වලට මුවාවෙලා සමහර විට බදු ගෙවන්න ඕනේ අය නොගෙවා ඉන්න පුළුවන්. එහෙම නැතුව අසාධාරණ බද්දක් පනවලා නෑ. සාධාරණ බවේ මූලධර්ම රැකීම පදනම් කරගෙන සහ ජාත්‍යන්තරව ගොඩනැගෙන මේ ගනුදෙනු හරහා ලෝකයත් එක්ක ගැටගැහිලා යන නව ප්‍රවනතාවයක් එක්ක මේ කටයුත්ත කළේ. එහෙම නැතුව කිසිම ආකාරයක අසාධාරණ බදු පැනවීමක් කරලා නෑ.”

එහිදී අදහස් දැක්වූ මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මෙසේ සඳහන් කර සිටියා.

“ඔන්ලයින් බදු ගහනකොට දැන් මේ කට්ටියගෙන් බදු ගහනවා කිව්වනේ. දැන් ඔබතුමා යන්න ෆෝන් එකේ ඔන්ලයින් කැසිනෝ කීයක් තියෙනවද කියලා. දැන් එක සත පහක්වත් මේ කට්ටියට බදු ගහන්නේ නෑනේ. මම නම කියන්න අවශ්‍ය නෑ. ඔබ ඔන්ලයින් කැසිනෝ කියලා ගූගල් එකේ ගහලා බලන්න. ඇයි සත පහක්වත් මෙයාලගෙන් බදු ගහන්නේ නැත්තේ? ආපු දවසේ ඉදන් අපි කිව්වා, කරුණාකරලා මේ ඕන තරම් හදිසි පනත් ගේන්න පුළුවන් කියලා. ඔන්ලයින් වැඩ කරන කට්ටියගෙන් බදු ගහන්න පුළුවන් නම් 15%ක් ඇයි ඔන්ලයින් කැසිනෝවලට බදු ගහන්නේ නැත්තේ? ..

ඔන්ලයින් වගේම ඕෆ්ලයින් උත් දවසකට මං හිතන්නේ බිලියන ගණන් මේ කට්ටිය හම්බ කරනවා. ඉතින් මං යෝජනා කරනවා, අපේ නිර්දේශ කරනවා මුදල් අමාත්‍යංශයට එවපු මුදල් කාරක සභාව හරහා ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්න.”

Latest News

More like this

වාහන සඳහා උපරිම ණය සීමාව සංශෝධනය වේ

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය...

ශ්‍රී ලංකාව ඇමරිකාව සමඟ වෙළඳ ගිවිසුමකට යා යුතුයි.. මහාචාර්ය වසන්ත අතුකෝරාල

රී ලංකාව ඇමරිකාව සමග අවම වශයෙන් වසර 05කට පමණ...

රජයෙන් සීමා වැටුණොත් වාහන මිල අහසේ… වාහන ආනයනකරුවෝ අනතුරු අඟවයි

මෙරටට වාහන ආනයනය කිරීමට මෙම අවුරුද්ද සඳහා වෙන් කරන...
error: Content is protected !!