පාකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ළමුන් 4 ක් ඇතුළු 12 ක් ජීවිතක්ෂයට

වයඹදිග පකිස්තානයේ හමුදා කඳවුරක තාප්පයක් බිඳ දමමින් සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තවත් 30 දෙනෙකු තුවාල ලැබූ බව වාර්තා වෙනවා.

කයිබර් පක්තුන්ක්වා පළාතේ බන්නු හි සිදු වූ ප්‍රහාරයේ වගකීම පකිස්තාන තලේබාන් සංවිධානයට අනුබද්ධ කණ්ඩායමක් භාරගෙන ඇති බවයි වාර්තා වන්නේ. පකිස්තාන ආරක්ෂක අංශ ප්‍රහාරයේ හානිය මෙතෙක් ප්‍රකාශ නොකලත් සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත්තේ හමුදා නිලධාරීන් දුසිම් ගණනක් ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බවයි.

තාප්පය කැඩී යාමෙන් පසු, තවත් ප්‍රහාරකයින් පස් දෙනෙකු හෝ හය දෙනෙකු කඳවුරට ඇතුළු වීමට උත්සාහ කළ බවයි වාර්තා වන්නේ.

හිරු බැස යෑමෙන් පසු මුස්ලිම් ශුද්ධ වූ රාමසාන් මාසයේ ජනතාව උපවාසය අත්හරිමින් සිටියදී මෙම ප්‍රහාරය සිදුව තිබුණා.

රාමසාන් ඉරිදා ආරම්භ වූ දා සිට පකිස්තානයේ සිදු වූ තුන්වන සටන්කාමී ප්‍රහාරය වන ප්‍රහාරයේ වගකීම Jaish Al-Fursan නම් සංවිධානයක් විසින් භාරගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කණ්ඩායම පැවසුවේ පිපිරීම් වල මූලාශ්‍රය පුපුරණ ද්‍රව්‍ය පිරවූ වාහන බවයි.

අළු පැහැති දුමාරයක් අහසට නැඟුණු අතර පිපිරීම් දෙකෙන් පසුව වෙඩි තැබීම් දිගටම පැවති බව පැවසෙනවා. මියගිය අයගෙන් හතර දෙනෙකු ළමයින් වන අතර වින්දිතයින් පිපිරීම් සිදු වූ ස්ථානයට ආසන්නව ජීවත් වූ බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!