විදුලි බිල වැඩි කරන්න.. ජාත්‍යාන්ත මූල්‍ය අරමුදලෙන් යෝජනා කරයි

මෙරට විදුලිය ගාස්තුව සංශෝධනය කිරීමට පසුගිය ජනවාරි මාසයේදී විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබෙන බවත් එම සංශෝධනයත් සමග විදුලි නිෂ්පාදනය කිරීමේ පිරිවැය නව ගාස්තුවෙන් අනාවරණය නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කර ඇතැයි එම අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානි පීටර් බෲවර් මහතා ඊයේ (4) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

මේ අනුව ලංකා විදුලි බල මණ්ඩලය පාඩු ලැබීමට තියෙන හැකියාව නව ගාස්තු යටතේ වැළැක්වීමට අවස්ථාවක් නොලැබෙන බව බෲවර් මහතා පැහැදිලි කර තිබෙනවා.

මේ හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ණය නැවත ගොඩ ගැසීමේ අවධානමක් පවතින බවත් එවිට නැවතත් ලංකා විදුලිබල මණ්ඩලය රජයට බරක් වනු ඇති බවයි ඔහු කියා සිටියේ.

එය රජයට කෙතරම් බරක් විය හැකිද යන්න පිළිබඳව සැමට අත්දැකීම් තිබෙන බවත් මේ හේතුවෙන් පිරිවැය ආවරණය වන විදුලි මිලකරණයක් ඉදිරි විදුලි ගාස්තු සංශෝධනයේදී නැවත ස්ථාපනය කිරීමට සිදු වනු ඇතැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

Latest News

More like this

ආරුගම්බේ උඩුකය නිරුවතින් ඇවිද්ද තායි කතට ලැබුණු දඬුවම

අම්පාර ආරුගම්බේ සංචාරක කලාපයේ උඩුකය නිරුවතින් ගමන් ගත් විදේශීය...

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...
error: Content is protected !!